Colombo Today Local News

වී මිල තීරණය කරන කමිටුවට ගොවි නියෝජිතයින් තිදෙනෙකුත්

වී මිල තීරණය කිරීමේ කමිටුව සඳහා ගොවි නියෝජිතයින් තිදෙනකු ද ඇතුළත් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ.

ගොවි නියෝජිතයින් අමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම පියවර ගෙන ඇත.

ඒ අනුව ඉදිරියේ දී වී මිල තීරණය කිරීමේ කමිටුවට දිස්ත්‍රික්ක විසි පහේම ගොවි සංවිධාන නියෝජිතයින්ගේ එකඟත්වය මත ගොවි නියෝජිතයින් තුන්දෙනෙක් පත් කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා දැනුම් දුන්නේය.

මෙවර මහ කන්නයේ දී වී අලෙවි මණ්ඩලය විසින් වී මිල දී ගැනීමට කටයුතු නොකරන අතර රජය විසින් වී මිල දී ගැනීම දිස්ත්‍රික්
ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් කිරීමට පියවර ගෙන තිබේ.

වී විල දී ගැනීම සඳහා රජය රුපියල් බිලියන10ක් වෙන් කර ඇති අතර අවශ්‍ය වුවහොත් තවත් රුපියල් බිලියන 10ක් ඒ සඳහා වෙන් කිරීමට ජනපති තීරණය කරනු ඇති බව ද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

Related posts

නීති විරෝධීව රට පනින්න ගිය 10 ක් මාට්ටු

colombotoday

වැඩ බැරිද? ගුරුසේවා සංගමය අධ්‍යාපන ඇමතිගෙන් අසයි

colombotoday

ජනතාවගේ හැසිරීම අසතුටුදායක බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි

colombotoday

එළවළු අස්සෙන් කසිප්පු විකුණූ ව්‍යාපාරිකයෙක් මාට්ටු

colombotoday

ඇමරිකානු යුධ නෞකාවක් 500ක් සමග හෙට කොළඹට !

colombotoday

පාර්ලිමේන්තුවට ගෙනෙන ඉඩම් පනතට මම විරුද්ධයි. ජනපති සිරිසේන කියයි

colombotoday