Colombo Today Local News

නොහැකියාව තනතුරුවලින් වසා ගන්න බෑ… එජාප නායකයා රනිල්මයි – වජිර සජිත්ට ටොකු අනී

තමන්ගේ නොහැකියාව තනතුරුවලින් ආවරණය කර ගැනිමට නොහැකි බව හිටපු අමාත්‍ය වජිර අබේගුණවර්ධන මහතා පැවැසීය.

අද (15දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් රටේ ජනපතිධුරයට පත්වූයේ පක්ෂ නායකත්වය, විපක්ෂ නායකත්වය තනතුරු නොමැතිව බවත් ඔහු සඳහන් කළේය.

පක්ෂ නායකයාට පහරදුන්විට පක්ෂය විනාශ වන බවත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බවත් ඔහු ප්‍රකාශ කළේය.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මෙන්ම කරු ජයසූරිය මහතාත් රනිල් වික්‍රමසිංහ මහතාත් සමග එක්ව පක්ෂයට අහිමිවූ බෞද්ධ ඡන්ද පදනම ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.

වෙනත් පක්ෂ සැකසීම පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

Related posts

කොළඹ කුණු නසන්න ආ සමාගම් දෙකකින් චම්පික කෝටි 52ක්.. ඉසුර කෝටි 45ක් අල්ලස් ඉල්ලලා !

colombotoday

වරාය විකිණීමට එරෙහිව ඉදිරිපත් කළ, කුණු කූඩයට වැටුණු කැබිනට් පත්‍රිකාව මෙන්න

colombotoday

හෙරොයින් කිලෝ 300ක් සමඟ යාත්‍රාවක් දකුණු මුහුදේදී වටලයි

colombotoday

යුද හමුදා මේජර්වරයෙකු ඇතුළු තිදෙනෙක් රිය අනතුරකින් ජීවිතක්ෂ‍යට

Admin

මදුරන්කුලිය නගරයත් උණුසුම් වෙයි

colombotoday

බූස්ටර් මාත්‍රාව ලබාගත් පිරිස ලක්ෂ 58 ඉක්මවයි

colombotoday