Colombo Today Local News

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් ජනපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය (Sarah Hulton) සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර හමුවක් අද (04)දින පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණි.

එහිදී කොරෝනා වසංගතය මර්දනයට රජය ගෙනයන වැඩපිළිවෙළ කෙරෙහි ප්‍රසාදය පළ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මෙහිදී මහ කොමසාරිස්වරිය එන්නත්කරණ ක්‍රියාවලියට ලබාදිය හැකි සහාය පිළිබඳව අදහස් පළ කර තිබේ.

වෙළඳ ආර්ථිකයක් ගොඩනැගීමට ජනාධිපතිතුමා ගන්නා උත්සහායට බ්‍රිතාන්‍ය රජයේ දායකත්වය ලබාදීම පිළිබඳව ද මහ කොමසාරිස්වරියගේ අවධානය යොමුව තිබේ.

එහිදී 2030 වසර වන විට මෙරට බලශක්ති උත්පාදනයෙන් 80%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ලබාගැනීමට රජය ගෙනයන වැඩපිළිවෙළට අවශ්‍ය තාක්ෂණික දැනුම හුවමාරු කරගැනීමටත්, සූර්ය ශක්තිය ගබඩාකරණයට සහ සම්ප්‍රේෂණයට සහාය වීමටත් සාරා හල්ටන් මහත්මිය එකඟතාව පළ කර ඇත.

කාබනික පොහොර භාවිතයට යොමුවීමෙන් පරිසරය සුරැකීමට ජනාධිපතිතුමා ගත් තීරණය බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරියගේ ඇගයීමට ලක්වුණි.

Related posts

නිවසක් මතට පස් කන්දක් කඩා වැටී 04ක් යට වෙයි

colombotoday

සියලු තැපැල් කාර්යාල අද සිට සවස 3න් පසු වැසෙයි

colombotoday

මුස්ලිම් ජනතාවට විරුද්ධ ජාතිවාදයක් ගැන සජිත් ප්‍රේමදාස අමුතු ඉංග්‍රීසියකින් ලොවට කියයි

colombotoday

මුස්ලිම් ජනතාවට සම අයිතිය ලැබෙන තුරු මා සටන් කරනවා – රාජිත

colombotoday

අතුරුදන් කියූ ප්‍රබල කොටි 200කට යුරෝපා රැකවරන.. ලංකාවට තොරතුරු දීම ප්‍රතික්ෂේප කරයි !

colombotoday

වීසා නොමැතිව මෙරට රැඳී සිටි ඉන්දියානු ජාතික කාන්තාවකට රැඳවුම් මධ්‍යස්ථානයකදී පහරදීමක්

colombotoday