Colombo Today Local News

මාළිගාවත්තේදී වෙඩි වැදී රෝහල්ගතව සිටි අයෙක් මිය යයි

මාළිගාවත්ත ප්‍රදේශයේදී වෙඩි වැදී තුවාල ලබා සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අදාළ පුද්ගලයා පසුගිය පළමු වනදා මාළිගාවත්ත එච්. ආර් ජෝතිපාල මාවත ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බව පොලීසිය පැවසීය.

ඔහු කොළඹ 08 බේස්ලයින් පාර, ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි පුද්ගලයෙකු බව සඳහන්ය.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර පළාගොස් තිබුණි.

වෙඩිතැබීම සඳහා පැමිණි වයස අවුරුදු 20ක යතුරුපැදිකරු කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් පසුව අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

Related posts

අද රට කරවන්නේ රනිල්,සාගල,අකිල, මංගල ආදී සමලිංගකයෝ කණ්ඩායමක් – ඥානසාර හිමි

colombotoday

හිටපු ඩී.අයි.ජී අනුර සේනානායකට මිනීමැරීම් චෝදනා

colombotoday

පුංචි ඡන්දය දින නියමයකින් තොරව කල් යයි

Admin

ශ්‍රීලනිප 16 කණ්ඩායමේ සුදර්ශනී පරදා එජාපයේ ආනන්ද කුමාරසිරි නියෝජ්‍ය කතානායක වෙයි

colombotoday

රතන හිමි පාර්ලිමේන්තුවට වැරදි දත්ත දෙයි

colombotoday

රුවන්වැල්ලේ ඝාතනයක්

colombotoday