Colombo Today Local News

පොලිසිය සීරුවෙන් තබා අගමැති සමග ජනපති ඊයේ රෑ ගිය ගමන !

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ රාත්‍රියේ සිදුව තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ජනපතිවරයා සහ අගමැතිවරයා කොල්ලුපිටියේ වාලුකාරාම විහාස්ථානයේ වාර්ෂික මහා පෙරහැර වීථි සංචාරය කෙරුණු අවස්ථාවට සහභාගී වී ඇති අතර දෙදෙනා අතර හමුව සිදුව තිබෙන්නේ ඉන් පසුවයි. මෙම සාකච්ඡාව සදහා පොලීසිය භාර ඇමති සාගල රත්නායක මහතාද සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව , පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව විවේචනය කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශයෙන් පසු ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර පැවැති පළමු සාකච්ඡාවද මෙය වේ.

හදිසි තත්වයක් ඇතිවුවහොත් වහාම ක්‍රියාත්මක වීම සදහා බස්නාහිර පළාතේ පොලිස් ස්ථාන සීරුවෙන් තබන ලෙස ඉහළින් නියෝග ලැබුණු බවද ඊයේ පස්වරුවේ මාධ්‍ය වාර්තා කර තිබුණා.

Related posts

පොල් මිළ ඉහළ යද්දී ෆාම් තෙල් කලවම් බාල පොල්තෙල් වෙළඳපොලට !

colombotoday

නැවතත් ගම් උදා බිහිකරනවා

Admin

මැතිවරණයට පෙර මේ ආණ්ඩුව පන්නනවා – බදියුදීන්

colombotoday

අන්තර්වාර රජයකත් අගමැති මම. එකාට එකා නැතිව අන්තර්වාර රජයක් පිහිටුවන්නේ කොහොමද?

colombotoday

දියතලාව ගුවන් හමුදා කදවුරේ පිපිරීමක්…

colombotoday

ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහකොමසාරිස් ජනාධිපති හමුවෙයි

colombotoday