Colombo Today Local News

සනත් නිශාන්තට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් 3ක් යළි කැඳවෙයි

අධිකරණයට අපහාස කළේ යැයි කියන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම් 03ක් සැප්තැම්බර් මස 27 වන දා යළි කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබේ.

මෙම පෙත්සම් අද (13)දින අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය, අධිකරණයට දන්වා සිටියේ, මෙම පැමිණිල්ලට අදාළව කටහඬ පරීක්ෂණයක් සිදු කිරීමට අවශ්‍යව තිබෙන බවත් එය රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉදිරිපිට කිරීමට අවශ්‍යව තිබෙන බවත්ය.

එම අවස්ථාවේදී එක් පෙත්සමක් ඉදිරිපත් කර තිබූ ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිට ඇත්තේ, එවැනි පරීක්ෂණයකින් තොරව මෙම පෙත්සම පවත්වාගෙන යාමට තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බවය.

ඒ අනුව පෙත්සම යළි සැප්තැම්බර් මස 27 යළි කැඳවන ලෙසද නියෝග කර ඇත.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ, ඉකුත් වසරේ අගෝස්තු මස 23 වන දා හෝ ඊට ආසන්න දිනයක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ සනත් නිශාන්ත මහතා අරගලකරුවන්ට ඇප ලබාදීමේදී මහෙස්ත්‍රාත්වරුන් කටයුතු කළ ආකාරය විවේචනය කොට තිබූ බවය.

Related posts

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එල්ලා මරණ ජනපතිගේ තීන්දුවට ජවිපෙ දැඩි විරෝධය…

colombotoday

සීවලී හිමි සොයා මැරයන් පන්සලට කඩා පනිති. සාමනේර හිමිනමකට දරුණු ලෙස පහරදී පලා යයි

colombotoday

ඉන්දු ශ්‍රී ලංකා අනාගත සම්බන්ධතා ගැන කතා කරන්න මහින්ද ඉන්දයාවට

colombotoday

බුර්කාව තහනම් කළ පසු ඒ වෙනුවට වෙනත් දෑ භවිතා කිරීමද නොකළ යුතුයි

colombotoday

හිටපු ජනපතිගෙන් බ්‍රිතාන්‍ය නව අගමැතිණියට සුබ පැතුම්.. දේශපාලන පාඩමකුත් ලියා යවයි!

colombotoday

නිරෝධායන නීති උල්ලංඝනය කළ 41ක් අත්අඩංගුවට

colombotoday