Colombo Today Local News

අලුත් පක්ෂයට යෝජනා 13.000 ක්.. පක්ෂ ව්‍යවස්ථාව 30 වැනිදා එළියට

mahinda-rajapaksha-252

ඒකාබද්ධ විපක්ෂය විසින් ගොඩනැගීමට යන නව පක්ෂයේ නම සහ පක්ෂ ව්‍යවස්ථාවට ඇතුළත් විය යුතු කරුණු සදහන් යෝජනා දහතුන්දහසක් පමණ ඊමේල් පණිවුඩ සහ තැපැල් මගින් මේවන විට ලැබී ඇතැයි පැවසෙයි.

නව සංවිධානයක් පිහිටුවීමේ ජනතා ඉල්ලීමට අනුව ඊට නමක් යෝජනා කිරීමට ජනතාවට ලබා දුන් කාලය පසුගිය 09 වැනිදාන් අවසන් වු බවත් නමුත් නව පක්ෂයේ ව්‍යවස්ථාව සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට ජනතාවට ලබන 15 වැනිදා දක්වා කල් ලැබෙන බවත් වාර්තා වේ.

පක්ෂයේ ව්‍යවස්ථාව ලබන 30 වැනිදා වනවිට සකස් කර අවසන් කිරීම සඳහා සත්දෙනෙකුගෙන් යුතු කමිටුවක් පත් කර ඇති අතර ඒ අනුව එම කමිටුවට ජනාධිපති නීතිඥවරයෙකු, ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් දෙදෙනකු, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දෙදෙනකු, වෘත්තීයවේදියෙකු සහ සමාජ ක්‍රියාකාරිනියක ඇතුළත් වේ.

Related posts

කිරි පිටි මිල ඉහළ යයි

colombotoday

ජනාධිපතිට එරෙහිව එජාපයෙන් දෝෂාභියෝගයක්

colombotoday

කැනඩාවට ගිය ශ්‍රී ලාංකික ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු සිසුවා බීමත් රියදුරෙකුට බිලිවෙයි

Admin

ශ්‍රීලනිපයෙන් ඉවත් කළ අයට ‘අපේ ශ්‍රීලනිපයෙන්‘ සංවිධායක තනතුරු

colombotoday

සයිනොපෙක් සමාගමේ දෙවන ඉන්ධන තොගය අද රැගෙන එයි

Admin

සජිත්ගේ ජන හමුවකදී කුණු බිත්තර ප්‍රහාරයක්

colombotoday