Colombo Today Local News

ජනාධිපතිට එරෙහිව එජාපයෙන් දෝෂාභියෝගයක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් තුළ සුදානමක් පවතින බවට තොරතුරු වාර්තා වනවා.

එම දෝෂාභියෝගය කෙටුම්පත් කිරීමේ කටයුතු මේවන විටත් ආරම්භ කර ඇති බවයි පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ.

ඒ අනුව එහි කෙටුම්පත් කටයුතු මෙම සතිය ඇතුළත නිමකිරීමට නියමිතව ඇති බව සඳහන්.

අනතුරුව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත ලබන 23 වැනිදා එම කෙටුම්පතට මන්ත්‍රීවරුන්ගේ අත්සන් යොදාගැනීමටයි සැළසුම් කර ඇත්තේ.

මේවන විටත් ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයකට තම පක්ෂය සහයදෙන බවට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව එම පක්ෂයේ මන්ත්‍රීවරුන් 06 දෙනාගේ සහය ඊට ලැබෙනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

අදාළ තොරතුරු සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා කොළඹ දී අද(15) පැවති මාධ්‍ය හමුවකදී තහවුරු කර සිටියා.

Related posts

අලුත් ව්‍යවස්ථාව ගොඩදාන්න මහජන මතය හදන වැඩේ රාජිතට !

colombotoday

“ණය ගන්න බය වෙන්න එපා… සාර්ථකත්වයට ප්‍රධානම කාරණය රනිල් වික්‍රමසිංහ ” – වජිර අබෙිවර්ධන කියයි

Admin

වෙබ් මාධ්‍යවේදියාට ඇප

colombotoday

මහා පරිමාණයෙන් සහල් මංකොල්ල කෑ කතක් පානදුරේදී කොටු

colombotoday

තිළිණි ප්‍රියමාලි කුලී නිවසේ ලයිට් බිලටත් පොලු තියලා

Admin

මීතොටමුල්ලේ මිය ගිය ගණන තවත් ඉහළට.. තව දුරටත් සෝදිසි මෙහෙයුම්

colombotoday