Colombo Today Local News

“ණය ගන්න බය වෙන්න එපා… සාර්ථකත්වයට ප්‍රධානම කාරණය රනිල් වික්‍රමසිංහ ” – වජිර අබෙිවර්ධන කියයි

ණය ගන්න බය වෙන්න එපා යැයිද ණය නොගෙවනවා නම් බය වෙන්නැයි ද එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන මහතා පවසයි.

පිටකෝට්ටෙි සිරිකොත එජාප මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේ දී එජාප සභාපතිවරයා මේ බව පැවසීය.

ගත් ණය නියමාකාරයට ආයෝජනය කළහොත් අවුරුදු 15ක් 20ක් යනවිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරන ආකාරයට ශ්‍රී ලංකාව පොහොසත් රටක් බවට පත්වෙන බවද අබෙිවර්ධන මහතා කියයි.

ගෙවී ගිය සිංහල, දෙමළ අලුත් අවුරුද්ද වසර 3ක ට පසු නැවතත් ජාතික උත්සවයක් ලෙස සමරන්නට ශ්‍රී ලංකික මහජනතාවට හැකි වීම වාසනාවක් බවද අබෙිවර්ධන මහතා කීය. නමුත් එය ඉබේ සිදුවුණා යැයි කවුහරුන් හෝ හිතනවා නම් එය වැරදි බවද සාර්ථකත්වයට ප්‍රධානම කාරණය රනිල් වික්‍රමසිංහ නැමැති ජාතික නායකත්වය රට බාරගැනීම යැයිද එජාප සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.

Related posts

අයි.ඕ.සී. ඉන්ධන මිලත් සිපෙට්කෝ ඉන්ධන මිලට සම කරයි

Admin

නැදුන්ගමුවේ හස්ති රාජයා මිය යයි

colombotoday

තායිලන්තයෙන් ගෑස් මිලදී ගන්න කැබිනට් අනුමැතිය ලැබෙයි

colombotoday

TNA නායකයාට දෙමළ ජනතාව එරෙහි වෙයි.. යාපනයේදී එලවා දමයි..

colombotoday

එක්නැලිගොඩ නඩුවට සිරගත කළ, කර්නල් ශම්මි කුමාරරත්න යළි සේවයේ පිහිටුවයි

colombotoday

රාජ්‍ය සේවකයින් හෙට සිට කොටස් වශයෙන් සේවයට කැඳවීමට අවසර

colombotoday