Colombo Today Local News

එක්නැලිගොඩ නඩුවට සිරගත කළ, කර්නල් ශම්මි කුමාරරත්න යළි සේවයේ පිහිටුවයි

ප්‍රගීත් එක්‌නැලිගොඩ සිද්ධිය සම්බන්ධයෙන් රහස්‌ පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමත් සමග සේවය අත්හිටවූ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ ලුතිනන් කර්නල් ශම්මි කුමාරරත්න ඊයේ (23 දා) සිට යළි සේවයේ පිහිටුවීමට යුද හමුදාව පියවර ගෙන තිබේ.

අත්අඩංගුවට ගැනීමෙන් පසු වසරකටත් අධික කාලයක්‌ රක්‌ෂිත බන්ධනාගාරගතව සිටි ඔහු ඇප මත මුදා හැරීමට පසුගියදා අවිස්‌සාවේල්ල මහාධිකරණය නියෝග කර තිබිණි.

එසේ ඇප ලැබීමෙන් පසු ලුතිනන් කර්නල් ශම්මි කුමාරත්න යළි සේවයේ පිහිටුවීමට යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත සිල්වා කටයුතු කර ඇත.

යළි එසේ සේවයේ පිහිටුවනු ලැබුවද ඔහු කිසිදු විශේෂ රාජකාරියකට යොමුකර නොමැති බවද යුද හමුදා ආරංචි මාර්ග පවසයි.

දිවයින

Related posts

කුණු ගැටළුව ගැන මාධ්‍යවේදීන් අසයි.. ඇමති ‘ආටක නාටක‘ පෙන්වයි (Video)

colombotoday

ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් ආණ්ඩුව සමග කතා කරනවා. – ඇමති සුජීව සේනසිංහ

colombotoday

දේශබන්දුට තවත් විමර්ශනයක්! නාටකයක්ද? සැලසුමක්ද?

Admin

යහපාලන සංවත්සරය අදයි.. අවුරුද්දක කෙරුවාව මාතරදී නටා පෙන්වයි

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් නැව ඇදගෙන යාම නවතා දමයි.

colombotoday

රජයේ නිත්‍යානුකුල භාවය පෙන්වා දීම සඳහා අවස්ථාව ලැබී තිබෙනවා – කතානායක මධ්‍යම රාත්‍රියේ නිකුත්කළ නිවේදනය

colombotoday