Colombo Today Local News

TNA නායකයාට දෙමළ ජනතාව එරෙහි වෙයි.. යාපනයේදී එලවා දමයි..

දෙමළ ජාතික සන්ධානයට අයත් ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා යාපනයේ පැවති විරෝධතාවකට සහබාගී වූ අවස්ථාවේදී එහි සිටි විරෝධතා කරුවන්ගේ එල්ල වූ දැඩි විරෝධතාවක් හේතුවෙන් එම ස්ථානයෙන් පිටත්ව යාමට සිදුවිය.

යාපනය මරදන්කේනි ප්‍රදේශයේ සිටින සංචාරක ධීවරයින් ඉවත් කරන ලෙසට ඊයේ දින යාපනයේ ධීවරයින් විසින් දියත් කරන ලද විරෝධතා පාගමනට මාවෙයි සේනාධිරාජා ඇතුලු පිරිසක් සහභාගී වූ අවස්ථාවේදී මෙම විරෝධය ඇතිව තිබේ.

එහිදී විරෝධතා කරුවන් මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයාට විරෝධය පාමින් පවසා ඇත්තේ,

‘තම ධීවර ගැටලුවට විසඳුම් දීමට හැකි තාක් කාලය දෙමළ ජාතික සන්ධානයට ලලබා දුන්නද විසඳුමක් ලබා දීමට පියවර නොගත්ත බවටත් දෙමළ ජාතික සන්ධානය රජය සමගව සමීපව කටයුතු කරන අවස්ථාවක ධීවර ජනතාවගේ මෙවැනි ගැටලුවකට විසඳුම් ලබා දීමට ඉතා පහසු කාර්යක් වුවද එම ගැටලුව පළිබඳ අවධානයකට නොගැනීම පිලිගත නොහැකි හෙයින් තම ධීවරයින් ආරම්භ කරන ලද විරෝධයට විසඳුමක් සොයාගැනීම ධීවරයින් විසින්ම සිදු කරගන්නා බවත් එහෙයින් දේශපාලනය මැදිහත් වීමට අවශ්‍ය නැති බැවින් එම ස්ථානයෙන් පිටත්වන ලෙසට විරෝධය පල කිරීමත් සමග මන්ත්‍රීවරයා එම ස්ථානයෙන් පිටත්ව ගියේය.

Related posts

ජාතික සංහිදියා ඇමතිට පාතාල මර බිය දැනෙයි.. ආරක්ෂාව තරකර ගනී…

colombotoday

“ඇමතිවරුන්ට කෝටි 118ක වාහන ගන්න ව්‍යාපෘතිය නවතා නෑ.. රට වටේ යන්න සැප වාහන ඕනමයි” – රාජිත

colombotoday

විජයග්‍රහණයේ 14 වැනි ජාතික රණවිරු සැමරුම අද

Admin

ඩොලර් 48කට ගුවන් යානයක් රඳවා ගැනීමේ සිද්ධියට 3කගේ වැඩ තහනම්

colombotoday

කෝවීලේ පූජාවත් තහනම්, ගියොත් මරණවලු. හින්දූන්ට බෞද්ධයන්ට හිරිහැර කරන අන්තවාදීන්ට නීතිය ක්‍රියාත්මක කරන්න – හින්දු සම්මේලනය

colombotoday

මැතිසබයේ උණුසුම් තත්ත්වයක්

Admin