Colombo Today Local News

ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි !

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට ඇන්ජලෝ මැතිව්ස් තීරණය කර තිබේ.

සිම්බාබ්වේ පිල හමුවේ ලැබූ දරුණු පරාජය පසුබිම් කර ගනිමින් ඔහු මෙම තීරණයට එළඹ ඇත.

ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ඇන්ජලෝ මැතිව්ස් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව අද පස්වරුවේ සාකච්ඡා කර ඇති අතර මැතිව්ස්ගේ තීරණයට තේරීම් කමිටුව එකඟ වී තිබේ.

ඒ අනුව සිම්බාබ්වේ පිලට එරෙහිව ලබන සිකුරාදා (14) ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරඟයේදී වෙනත් ක්‍රීඩකයකු විසින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ලබනු ඇත. දැනට වාර්තා වන පරිදි එම අවස්ථාව රංගන හේරත්ට පැවැරෙනු ඇතැයි කියැවේ. එහෙත් උපුල් තරංග සහ දිනේෂ් චන්දිමාල් දෙදෙනාගේ නම් ද ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් වී තිබේ.

මැතිව්ස් අද (12) පෙරවරුවේදී කණ්ඩායමේ ක්‍රීඩකයන් හමුවීමෙන් පසුව සිය තීරණය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට සූදානමින් සිටින බව ද වාර්තා වේ.

Related posts

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නැවත සමාලෝචන වාර්තාව ජනපතිට

colombotoday

අදත් පැය 7 හමාරක් විදුලි විසන්දි වෙන හැටි

colombotoday

මහනුවර මගුල් මඩුවේ අසිරිමත් සිදුවීමක්.. පින් පමුණුවද්දී කැප්පෙටිපොළ රුව වටාපතේ දිස්වෙයි

colombotoday

නැගෙනහිර මහඇමතිට පනවා තිබූ තහනමක් ඉවතට.. නාවික කඳවුරුවලට ඇතුල්වීමට අවසර දෙයි

colombotoday

අමාත්‍යාංශවලට වෙන්කළ මුදල් කප්පාදු කරයි

Admin

නව වසරේ පාර්ලිමේන්තුව රැස්වන දිනය වෙනස් වෙයි

Admin