Colombo Today Local News

අගමැති වැය ශීර්ෂය අත්හිටුවීමට අද 129ක බහුතරයක් පෙන්වනවා – රවි කරුණානායක

අගමැතිවරයාගේ වැය ශීර්ෂය වහාම අත්හිටුවන ලෙස පාර්ලිමේන්තුවට ගෙනැවිත් තිබෙන යෝජනාවට පක්ෂව අද (29 දා* මන්ත‍්‍රීවරුන් 128 ක හෝ 129 ක බහුතර බලයක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවි කරුණානායක මහතා පැවසීය.

අරලියගහ මන්දිරයේ ඊයේ (28 දා) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ රවි කරුණානායක මහතා මෙසේද කියා සිටියේය.

මුදල් එකතු කිරීම, මුදල් කපා හැරීම ආදී සියලුම මූල්‍ය බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවටය. අපි අපේ බහුතරය පාර්ලිමේන්තුවේදී කිහිපවතාවක්‌ම ප්‍රදර්ශනය කළා. ඒ බහුතර බලය දිනෙන් දින වැඩිවෙමින් තිබෙනවා.

අපි අග්‍රාමාත්‍ය වැය ශීර්ෂය කපා හැරීම පිළිබඳව යෝජනාවක්‌ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට තිබෙනවා. ඒ පිළිබඳව අද ඡන්ද විමසීමක්‌ සිදු වෙනවා. එහිදී පුළුවන් නම් බහුතරය පෙන්වා එම යෝජනාව පරාජයට පත්කරන්න කියලා අපි ඊනියා ආණ්‌ඩුවට කියනවා.

පාර්ලිමේන්තුවේ මෙතෙක්‌ කටයුතු සිදුවුණේ බහුතර බලය අනුවයි. පාර්ලිමේන්තුවේදී බහුතර බලයට හැමෝම හිස නැමුවා. මේ බොරු ආණ්‌ඩුවට කැබිනට්‌ රැස්‌වීමක්‌ පවත්වන්න නීතියෙන් අයිතියක්‌ නෑ. අපි ගෙනාපු විශ්වාසභංගය නිසා දැන් අගමැතිවරයෙක්‌ හෝ ඇමැති මණ්‌ඩලයක්‌ නෑ. දැන් තිබෙන්නේ ව්‍යාජ කැබිනට්‌ මණ්‌ඩලයක්‌. මේ ව්‍යාජ කැබිනට්‌ මණ්‌ඩලය විසින් අතුරු සම්මත ගිණුමක්‌ සම්මත කර ගෙන තිබෙනවා. පුළුවන් නම් ඔය අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවේදී අනුමත කරගෙන පෙන්වන්න.

ඒ අනුව ඔය කියන බහුතරයක්‌ නෑ. හැබැයි අපි 128 ක හෝ 129 ක බහුතර බලයක්‌ පාර්ලිමේන්තුවේදී පෙන්වනවා. හැබැයි ඒ අයට 85 ක්‌ හෝ 90 ක්‌ ඉන්නවා නම් ඒකත් පෙන්වන්න කියලා අපි කියනවා.

මේ අය කියනවා ඔවුන්ට කථානායකතුමා විශ්වාස නැතිලු. විශ්වාස නැතිනම් විශ්වාස භංගයක්‌ ගේන්න. එවිට අපි සැබෑ බහුතරය තියෙන්නේ කාටද කියලා පෙන්වන්නම්. මේ වන විටත් අපි අපේ බලය පෙන්වා අවසන්.

මේ ඊනියා ආණ්‌ඩුව යටතේ දැන් රුපියල දරුණු ලෙස අවප්‍රමාණය වෙලා තිබෙනවා. ඒ අය කෘත්‍රිමව රුපියල අල්ලාගෙන සිටිනවා. සැබෑ තත්ත්වය මීට වඩා දරුණුයි.

ඒ නිසා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය හෑල්ලු නොකොට බහුතර බලයට හිස නමා කටයුතු කරන්න. එසේ නැත්නම් අපි දිගින් දිගටම අපේ බහුතර බලය ප්‍රදර්ශනය කරනවා.

– Divaina –

Related posts

සදුදාත් ඡන්දයක්… පාර්ලිමේන්තුව ගිනි තැබීමේ සූදානමක්…

colombotoday

ඉන්දීය මහ කොමසාරිස්ගෙන් ත්‍රිකුණාමලයේ ඉන්ධන ටැංකි සම්බන්ධව ධනාත්මක ප්‍රතිචාර

colombotoday

අරලියගහ මන්දිරයට විදුලිය ගන්නෙත් ජෙනරේටරයෙන්… ඔබත් එහෙම විදුලිය ගන්න – අගමැතිගෙන් උපදෙස්

colombotoday

දෛනිකව දුම්රිය විස්සක් අවලංගුයි

colombotoday

ශ්‍රී පාද වන්දනාවේ ගිය අයෙක් ජීවිතක්ෂයට

colombotoday

රාමඤ්ඤ මහා නිකායේ නව මහානායක නාහිමි මකුලෑවේ විමල නාහිමි

colombotoday