Colombo Today Local News

අරලියගහ මන්දිරයට විදුලිය ගන්නෙත් ජෙනරේටරයෙන්… ඔබත් එහෙම විදුලිය ගන්න – අගමැතිගෙන් උපදෙස්

උද්ගතව ඇති විදුලිබල අර්බූදය නිමා වනතුරු රජයේ කාර්යාල තුළ අරපිරිමැස්මෙන් විදුලිය පරිභෝජනය කරලීමට සාධනීය පියවර ගන්නා  ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරීන්ගෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (28) ඉල්ලීමක් කළේය.

අතවශ්‍ය කාර්යයන් සඳහා පමණක් විදුලි බලය පාවිච්චි කරන ලෙසත්, හැකි සෑම අවස්ථාවක ම ජාතික විදුලිබල පද්ධතියෙන් විදුලිය ලබාගැනීම තාවකාලිකව  නතර කර, රාජ්‍ය ආයතන සතු විදුලි ජනක යන්ත්‍ර මගින් විදුලිය ලබාගැනීමට පියවර ගන්නා ලෙසත් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටියේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ පරිශ්‍රයේ අද (28) පැවති ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ වාර්ෂික සම්මේලනයට එක් වෙමින්  මේ බව සඳහන් කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විදුලි අර්බූදය සම්බන්ධව ගතයුතු පියවර සොයා බැලීම සඳහා ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි අමාත්‍ය කමිටුවක් පත්කර තිබෙන බවත්, එම කමිටුවේ වාර්තාව ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් පැවසීය.

විදුලිබල අර්බූදය නිමා වන තුරු අරලියග මන්දිරයට ජාතික පද්ධතියෙන් විදුලිය ලබා නොගෙන විදුලි ජනක යන්ත්‍ර මගින් විදුලිය ලබා ගැනීමට පියවර ගෙන තිබෙන බවද, රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදි වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

මොරගහකන්ද මහින්ද චින්තන ව්‍යාපෘතියක්.. මෛත්‍රීත් බොහෝ මහන්සි වුණා – හිටපු ජනපති

colombotoday

අර්ජුන් මහේන්ද්‍රන් හර්ජුන් ඇලෙක්සැන්ඩර් ලෙස නම වෙනස් කරයි. අධිකරණයේදී හෙළිවෙයි

colombotoday

මුස්ලිම් ජාතිකයෙකුගේ ඉඩමකින් ටී 56 ජීව උණ්ඩ සොයා ගැනේ

colombotoday

පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ධුරයෙන් ඉවත් කර විනය පරීක්ෂණයක්

colombotoday

පරික්ෂා කලායැයි කෝප වී සිවිල් ආරක්ෂක භටයාට පහර දුන් පොහොට්ටුවේ මන්ත්‍රී බන්ධනාගාර ගත කෙරේ

colombotoday

ශ්‍රී ලංකා රජයට එරෙහිව මුස්ලිම් කණ්ඩායමකින් එක්සත් ජාතීන්ට පැමිණිලි | බ්‍රිතාන්‍යයේ මුස්ලිම් කවුන්සිලය සහය දක්වයි.

colombotoday