Covid 19

කතරගම දේවාලේ කල අහඹු PCR 5කින් 3ක් පොසිටිව් – දේවාල භූමියට පැමිණීමෙන් වළකින්නැයි ඉල්ලීමක්

කතරගම මහා දේවාලයේ රාජකාරී කරන පුද්ගලයින් තිදෙනෙක්ට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ.

මහා දේවල් ප්‍රධාන කපු මහතා වන සෝමපාල රත්නායක මහතා පවසා සිටියේ, ඒ අනුව ඊයේ (12)දින සිට දේවාලය වසා දැමු බවය.

කිසිදු බැතිමතෙකුට මළුවට ඇතුළු වීමට ඉඩ නොදෙන බවත් ඔහු පැවසීය.

දේවාලය තුළ සිටින කපු මහත්වරු පමණක් දෙවියන්ට පුද පුජා පවත්වන බවත් පැවසු ප්‍රධාන කපු මහතා, පවතින කොවිඩ් තත්ත්වය පාලනය වන තුරු සියලු බැතිමතුන් දේවාල භූමියට පැමිණීමෙන් වළකින ලෙසත් ඉල්ලීමක් කරයි.

මහා දේවාලයෙන් අහඹු ලෙස ලබාගත් පීසීආර් පරීක්ෂණ පහෙන් තුනක් එලෙස ආසාදිත බවට තහවුරු වී තිබේ.

Related posts

තහවුරු කළ තවත් කොවිඩ් මරණ 16ක්

colombotoday

කොරෝනා යැයි සැක 212ක් රටපුරා රෝහල්වල… අලුත්ම වාර්තාව මෙන්න !

colombotoday

බුලත්කොහුපිටියෙන් කොවිඩ් ආසාදිතයින් 11ක්

colombotoday

මල්වානේ කොරෝනා මෘතදේහය ඥාතීන් එපාලු

colombotoday

ඉන්දීය කොවිඩ් ප්‍රභේදය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක් !

colombotoday

රිජ්වේ රෝහලේ ළමුන් ඇතුළු 56කට කොරෝනා ආසාදනය වෙයි

colombotoday