Covid 19World

කොරෝනාව මාරාන්තික වීමට තවත් හේතුවක් ගැන අනාවරණයක්

කොරෝනා වෛරස් ආසාදනය වූවන් අසාධ්‍ය තත්වයට පත්වීම සහ මියයාමට හේතුවන ජානයක් පෝලන්ත වෛද්‍ය විද්‍යාඥයන් විසින් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම ජානය සහිත පුද්ගලයන්ට වෛරසය ආසාදනය වූ විට කොරෝනා රෝගය උත්සන්න වියහැකි බවයි පෝලන්තයේ බියලිස්ටොක් වෛද්‍ය විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් අනාවරණ කරගෙන ඇත්තේ.

යුරෝපයේ ජනගහණයෙන් සියයට 9ක මෙන්ම පෝලන්ත ජනගහණයෙන් සියයට 14ක මෙම ජානය පවතින බව හෙළි වී තිබේ..

යුරෝපයේ කොරෝනා රෝගය දරුණු අන්දමින් පැවති පෝලන්තයේ මේ වනවිට කොරෝනා රෝගයෙන් මියගිය සංඛ්‍යාව ලක්ෂයකට අධිකය.

ඉන්දීය ජනගහණයෙන් සියයට 27ක් සතුව මෙම කොරෝනාව ආසාධ්‍ය බවට පත්වීමේ ජානය පවතින බවට වාර්තා වේ.

කෙසේ නමුත් මෙම ජානය කොරෝනාව උත්සන්න වීමේ සිව්වන හේතුව බවයි පෝලන්ත විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.

කොරෝනාව උත්සන්න වීමට සහ එයින් මරණයට පත්වීමට බලපාන මුල් කරුණු තුන වන්නේ වයස, බර සහ ස්ත්‍රී පුරුෂ භාවයයි.

Related posts

හෝමාගම රෝහලේ නරක්වෙමින් තිබු කොවිඩ් මළ සිරුරු ප්‍රා.සභා වියදමින් ආදාහනය කරයි

colombotoday

දිනක් තුල කොරෝනා අසාදිතයින් 28000 ක් ඉන්දියාවෙන්.

colombotoday

කොවිඩ් ආසාදිතයින් දෙදෙනෙක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසැල් 80 කට ගිහින්

colombotoday

පසුතැවීමක සේයාවක්වත් නෑ.. වැඩේ තිතටම කළ බව ක්‍රයිස්චර්ච් වෙඩික්කරු අධිකරණයේදී සංඤා කරයි…

colombotoday

එංගලන්තයේදී පිනෝකියෝ ඉපදිලා

colombotoday

යුක්රේන නගර දෙකක පැය 5 ක සටන් විරාමයක්

colombotoday