Colombo Today Local NewsCovid 19

ගාල්ලේ නිරෝධායන මධ්‍යස්ථානයක සිටි තවත් දෙදෙනෙකුට කොරෝනා

විදේශීය නෞකාවලට ආරක්ෂාව සපයන ගාල්ල නුගදූව ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක සිටී ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් අද (12) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පී සී ආර් පරීක්ෂණයට ලක් කළ අතර එම පරීක්ෂණයේදී මෙම පුද්ගලයන් දෙදෙනා කොරෝන ආසාදිතයන් බවට තහවුරු වූ බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

වයස අවුරුදු 44 සහ 45 වියේ පසුවන මෙම දෙදෙනා දෙවුන්දර සහ මීටියාගොඩ ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

මෙම දෙදෙනා ඉකුත් හත්වෙනිදා තමන් සේවය කරන ලද නෞකාවෙන් බැස තිබේ.

මෙම දෙදෙනා සමඟ නිරෝධායන මධ්‍යස්ථානයේ එකම කාමරයේ සිටි අනෙක් පුද්ගලයාද කොරෝනා ආසාදිතයෙක් බව මීට පෙර තහවුරු වූ අතර ඔහු දැනට කොළඹ අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබන බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පැවසීය.

අද දින කොරෝනා බවට තහවුරු වූ මෙම දෙදෙනා ද ප්‍රතිකාර සඳහා කොළඹ අයි ඩී එච් රෝහල වෙත ප්‍රතිකාර සඳහා යොමු කර තිබේ.

Related posts

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නැවත සමාලෝචන වාර්තාව ජනපතිට

colombotoday

ඉන්දියානුවන්ට දොර ඇරියොත් රටම අනාථයි – ඒකාබද්ධ ඉංජිනේරු සංවිධානයෙන් නිවේදනයක්

colombotoday

උසස් පෙළ විභාගයට යමින් සිටි පෙම්වතියට ඇසිඩ් පොවන්න ගිය නරුම පෙම්වතාටත් ඇසිඩ් පහර

Admin

58 වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි තනතුරට මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා පත් වෙයි

colombotoday

තාජුඩීන් නඩුවේ වෛද්‍ය සමරසේකර අත්අඩංගුවට ගැනීමේ නියෝගය වලක්වයි

colombotoday

උඩවලව ජලාශයෙන් වගා ප්‍රදේශ 70% කට ජලය මුදා හැර අවසන්

Admin