Colombo Today Local News

උඩවලව ජලාශයෙන් වගා ප්‍රදේශ 70% කට ජලය මුදා හැර අවසන්

උඩවලව ජලාශයෙන් වගා කෙරෙන ප්‍රදේශවලින් 70% කට මේ වනවිට ජලය මුදා හැර අවසන් බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසයි.

චන්ද්‍රිකා වැවට ජලය මුදා හැරිම අඛණ්ඩව සිදු කරන බව එම අධිකාරිය සඳහන් කරයි. කෙසේ වෙතත් මුරවැසි හේන, මයුර පුර හා අගුණකොළපැලැස්ස යන ප්‍රදේශවල කුඹුරු ඉඩම් සඳහා ජලය මුදා හැරීමට හැකිව නැත.

එම ප්‍රදේශවල ජලය මුදා හැරීම අද (16)දිනයේ හා හෙට (17)දිනයේ සිදු කිරීමට හැකිවෙතැයි මහවැලි අධිකාරිය විශ්වාසය පළ කර සිටි.

ඊයේ දිනයේ ද සමනල වැවේ සිට අක්කර අඩි 1500 ක් උඩවලව ජලාශයට මුදා හැරුණු බව මහවැලි අධිකාරිය පවසයි.

මේ අතර වාරි මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මේ වනවිට ජලාශවල ධාරිතාව 29% ක් දක්වා අඩු වී ඇති බවයි.

කුරුණෑගල බතලේගොඩ වැවෙන් පෝෂණය වන ඇතැම් කුඹුරු ඉඩම්වලට ජලය සැපයීමේ දුෂ්කරතා මතුව ඇති බව එහි ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ සුදර්ශනී විදානපතිරණ මහත්මිය සඳහන් කළේ ය.

ඇය වඩි දුරටත් සඳහන් කර සිටින්නේ, උපරිම කළමණකාරණයකින් යුක්තව යළ කන්නය සම්පූර්ණ කිරීමට අවශ්‍ය ජලය මුදා හැරීමට සියලු පියවර ගන්නා බවයි.

Related posts

ඤාණසාර හිමි නැවතත් ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කරයි…

colombotoday

සෞඛ්‍ය ලේකම්කමට හොදම සුදුස්සා වෛද්‍ය පාදෙණියයි… GMOA යෝජනා කරයි

colombotoday

පාස්කු ප්‍රහාරය පිළිබද ජනාධිපති කොමිසමේදී තවත් අනාවරණයක්

colombotoday

හම්බන්තොට ඛනිජ තෙල් පිරිපහදුවක්

Admin

ආදරයේ නාමයෙන් පෙම්වතාට බිලිවූ පාසල් දැරියක් පෙම්වතා යහළුවන් දස දෙනකුටත් දීලා.. ඇඹිලිපිටියෙන් ඇසෙන සත්‍ය කතාවක්

colombotoday

ජනපති ඝාතන කුමන්ත්‍රණය : මධුෂ්ගෙන් ප්‍රශ්නකරන්න පොලිසිය ඩුබායි යයි

colombotoday