Colombo Today Local News

ඇණහිට තිබූ සියලු මහා පරිමාණ ඉදිකිරීම් යළි අරඹන්න තීරණයක්

ආර්ථික අර්බුදයත් සමඟ ඇණහිට තිබූ සියලු මහා පරිමාණ ඉදිකිරීම් යළි ආරම්භ කිරීමට නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

එහි ලේකම් ඩබ්ලිව්. එස් සත්‍යානන්ද මහතා සඳහන් කරන්නේ, මේ වනවිට ඉදිකිරිම් ඇණහිට ඇති එවැනි ව්‍යාපෘති යළි ආරම්භ කිරීමට ප්‍රමුඛතාව මත හඳුනා ගනිමින් සිටින බවයි.

කොළඹ නගරයේ පමණක් නිවාස ව්‍යාපෘති 10 ක ඉදිකිරිම් ඇණහිට ඇත.

එමෙන්ම මහා පරිමාණ රථ ගාල් 3 කද ඉදිකිරීම් ඇණහිට ඇති බව ලේකම්වරයා පවසයි.

ඒ සඳහා ආයෝජනය කළ හා ඉදිකිරීම් කරන ආයතනවලින් යළි ඉදිකිරීම් ආරම්භ කිරීම සඳහා යෝජනා කැඳවා ඇති බව ලේකම්වරයා කියයි.

ඩොලරයේ අගය ඉහළ යාම හා අමුද්‍රව්‍ය මිල ඉහළ යාම වැනි කරුණු මත පදනම්ව ඉදිකිරිම් පිරිවැය තීරණය කර එම ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා බව අමාත්‍යාංශ ලේකම්වරයා වැඩි දුරටත් සඳහන් කරයි.

Related posts

සුරාබදු දෙපාර්තමේන්තුවෙන් ‘රා’ වලට ප්‍රමිතියක්

colombotoday

කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු නවතී.

colombotoday

අන්තරේ කැදවුම්කරුට ඇප

Admin

තෙල් බවුසරයක් කරනම් ගහයි

colombotoday

යහපාලන ආණ්ඩුවේ ලොකුම අඩුපාඩුව ජනපති හොයාගනී

colombotoday

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1400කට ආසන්න වෙයි

colombotoday