Colombo Today Local News

සුරාබදු දෙපාර්තමේන්තුවෙන් ‘රා’ වලට ප්‍රමිතියක්

කෘත්‍රිම රා නිෂ්පාදනය වැඩි වී ඇති බැවින් එම රා නියමිත ප්‍රමිතියකට සකස් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

කෘත්‍රිම රා නිෂ්පාදනය වැඩිවීම නිසා නිවැරදි රා සොයා ගැනීමේ ගැටලුවක් පවතින බවට විවිධ පාර්ශ්ව චෝදනා එල්ල කිරීම හේතුවෙන් ප්‍රමිතියක් සකස් කිරීමට තීරණය කළ බව සුරාබදු දෙපාර්තමේන්තු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ ප්‍රකාශ කළේය.

සුරාබදු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය, පොල් සංවර්ධන අධිකාරිය, රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මෙම ප්‍රමිතිය සකස් කිරීමට කමිටුවක්ද පත්කර ඇත. ලංකාවේ නිපදවන මත්පැන් සඳහා ප්‍රමිතියක් සකස් කර ප්‍රකාශයට පත් කර ඇති අතර එය නියාමනය කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුවට පැවරී ඇත.

විවිධ විෂ කාරක යොදා ගනිමින් කෘත්‍රිම රා සකස් කිරීම නිසා ඒවා පානය කිරීමෙන් පූඩළුඔය, කොටදෙණියාව වැනි ප්‍රදේශවල පුද්ගලයන් ජීවිතක්ෂයට පත්ව ඇත. මෙම කෘත්‍රිම රා විනාකිරි වැනි ආහාර නිපදවීමටද යොදා ගන්නා බවට මත පළවී ඇති බැවින් ඒ පිළිබඳවද සොයා බැලීමට නියමිතය.

Related posts

ආණ්ඩුව යන මග වැරදියි.. ඉවසුවා ඇති ! මහා සංඝ සම්මේලනයක් කොළඹට කැඳවන්න යයි..

colombotoday

කොරෝනා යැයි සැක තවත් දෙන්නෙක් හලාවතින් කුරුණෑගල රෝහලට !

colombotoday

මහමෝලෙක් පක්ෂ කාර්යාලයකට පැන යකා නටයි

Admin

අයවැය ප්‍රකාශය : ත්‍රෛලෝක විජය පත්‍ර නිෂ්පාදනයෙන් ආර්ථිකය ගොඩ දාන්න යෝජනාවක්. දේශගුණය වෙනස්වීම පිළිබඳ ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයක්

Admin

කහ තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු මෝදර දී අල්ලයි

colombotoday

“සැබෑ සංහිඳියාව මරා දමා චන්ද්‍රිකාගේ සංහිඳියාව යටතේ ජාතිවාදය පැටවු ගහනවා“ – විමල්

colombotoday