Colombo Today Local News

දවල් කාලයට වැලි ප්‍රවාහනය නැවතීමට පියවර – භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය

දහවල් කාලයට වැලි ප්‍රවාහනය කිරීම නවතා දැමීමට පියවර ගන්නා බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසයි.

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා සඳහන් කළේ, මුල් අදියරේදී නාගරික සිමාවන් තුළ පමණක් එම සීමාවන් පැනවීමට නියමිත බවය.

ඒ සම්බන්ධව අවසන් තීරණය ලබන සතියේ ගැනීමට නියමිතය.

වැලි ප්‍රවාහනය ලොරි රථවලින් සිදුවන අවහිරතා හා රිය අනතුරු පිළිබඳ සලකා බලා එම තීරණය ගෙන තිබේ.

මීට පෙරද රාත්‍රී කාලයට වැලි ප්‍රවාහනය කිරීම නතර කරනු ලැබූවද එය මේ වනවිට නිසියාකාරව ක්‍රියාත්මක වන්නේ නැත.

Related posts

ත්‍රිකෝණමඩු විනාශයට දැඩි ක්‍රියාමර්ග ගන්නවා – මහින්ද අමරවීර

Admin

ආඩම්බරකාර ලෙස ජිවත් වෙන්න නොදෙන්නේනම් වැලලෙන්නවත් ඉඩ දෙන්න – මුස්ලිම් ආදාහන වෙනුවෙන් මෙවර ජවිපෙ බිමල් රත්නායක

colombotoday

මහ මෝල්ලු මට්ටු කරන විදිය නලීන් උත්සවයකදී කියයි

Admin

“නව ව්‍යවස්ථාව සැකසීම අවසන් අදියරේ.. කෙටුම්පත අගෝස්තු අවසානයේදී” – මනෝ ගනේෂන්

colombotoday

මුස්ලිම් ජනතාවට අපේ රටේ මරාගෙන මැරෙන්න තරම් ප්‍රශ්න නෑ.. සහරාන් මේක කළේ කාගේ හරි උවමනාවක් වෙනුවෙන් – මුජිබර් රහුමාන්

colombotoday

බදුල්ල ආසනයේ අලියා කොඩියට පරාජය වෙයි.

colombotoday