Colombo Today Local News

කොටි ත්‍රස්තයින් සිදුකළ යුධ අපරාධ ඇතුළත් වාර්තාවක් ජිනීවා මානව හිමිකම් සමුළුවට !

ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර ලබන මාර්තු මාසයේදී පැවැත්වෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවට කොටි සංවිධානය විසින් සිදුකළ යුද අපරාධ ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

ශ්‍රී ලංකා හමුදාව විසින් යුද අපරාධ කළ බවට විදේශ අමාත්‍ය මංගල සමරවීර විසින් මානව හිමිකම් කොමිසමට අසත්‍ය කරුණු ඉදිරිපත් කර තිබෙන බව පවසන සරත් වීරසේකර මහතා, එම කරුණුවලට පිළිතුරු වශයෙන් යුද සමයේදී හමුදාව විසින් අනුගමනය කරනු ලැබූ මානුෂික කාර්යභාරය පිළිබඳ සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන බවද පවසා සිටියේය.

මානව හිමිකම් සමුළුවට සහභාගි වීම සඳහා තමන් මේ දිනවල අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බැවින් වීසා ලබානොදීම ඇතුළුව එම ගමන කඩාකප්පල් කිරීම සඳහා විවිධ බලවේග ක්‍රියාත්මකවීඇතැයිද ඒ මහතා සඳහන් කළේය.

මානව හිමිකම් සමුළුවේ රණවිරුවන්ගේ පාර්ශ්වය නියෝජනය නොවන නිසා මංගල සමරවීර ඇමතිවරයා සහ සෙයිඩ් අල්හුසේන් මහතා රණවිරුවන් යුද අපරාධ කළ බවට චෝදනා එල්ලකරමින් සිටින බවත්, මෙම පසුබිම තුළ රණවිරුවන්ගේ නියෝජනයක් සිදුවිය යුතු අතර,එම කාර්යය තමන් විසින් සිදුකරන බවත් වීරසේකර මහතා පවසයි.

“අරන්තලාවේ භික්ෂු ඝාතනය,ශ්‍රී මහාබෝධියට පහරදීම ඇතුළුව විවිධ ස්ථානවල බෝම්බ පුපුරුවා මහජනතාව ඝාතනය කිරීමට එල්.ටී.ටී.ඊ සංවිධානය කටයුතු කළ ආකාරය අපි හැමෝම දන්නවා. එම සියලු තොරතුරු අපි ළඟ තිබෙනවා. නමුත් රණවිරුවන් යුද අපරාධ කළ බව පැවසෙන චෝදනාවට පිළිතුරු ලබාදීමට මානව හිමිකම් සමුළුවට කිසිවෙකු ඉදිරිපත් වී නැහැ.දෙමළ මිනිස්සුන්ට යවන කෑම බීම අපි නැවැත්තුවාකියන චෝදනාව එක යුද අපරාධයක් විදියට අපිට එල්ල වෙනවා.

නමුත් ආහාර ටොන් දහස් ගණනක් උතුරට යැවු විස්තර අපි ගාව තිබෙනවා.ඇමෙරිකා තානාපති කාර්යාලය ඒ පිළිබඳව ස්තුති කළ ලිපි අපි ගාව තිබෙනවා. එම චෝදනාවෙන් නිදහස් වීමට අපිට එම ලිපි ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම හමුදා නිලධාරීන් විසින් සාමාන්‍ය ජනතාව බේරාගත්තු හැටි අපිට ඉදිරිපත් කරන්න පුළුවන්.අහිංසක මිනිස්සු බේරගන්න ගිහින් හමුදා සෙබළුන් මියගිය හැටි අපිට පෙන්වා දෙන්න පුළුවන්. ඒපිළිබඳව විදේශීය මාධ්‍ය ආයතන විසින් අපිට ප්‍රශංසා කරපු හැටි ඉදිරිපත් කරන්න පුළුවන්.ඒ සඳහා දැනටමත් අපි සොයාබැලීමක් සිදුකරනවා.

Related posts

ති‍්‍ර/මලයේ සිට කොළඹ දක්වා ඇමරිකාවට දෙන්නේ නෑ – අට පාස් නැති තක්කඩි දේශපාලකයෝ කිව්වට කුලප්පු වෙන්න එපා – චම්පික

colombotoday

විදුලිබල, ඛනිජතෙල් ඇතුළු සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ගැසට් නිවේදනයක්

Admin

උතුරු නැගෙනහිර සෑම විහාරස්ථානයකටම හමුදා ආරක්ෂාව

colombotoday

රිෂාඩ්ගේ බිරිද, මාමණ්ඩි,මස්සිනා සහ තැරැව්කරු අද අධිකරණයට

colombotoday

කොවැක්ස් පහසුකම යටතේ කොවිඩ් එන්නත් ලබා ගැනීම පිණිස ගිවිසුම් ගත වීමට කැබිනට් අනුමැතිය

colombotoday

මහර ගැටුම – වෙඩි වැදීමේන් මිය ගොස් ඇති රැදවියන් සිව් දෙනෙකුගේ සිරුරු ආදාහනයට නියෝග

colombotoday