Colombo Today Local News

මුඛ ආවරණ නොමැතිව සිටි 14 කට කොවිඩ් පොසිටිව්

බස්නාහිර පළාත තුළ පමණක් ඊයේ (05) දිනයේදී මුඛ ආවරණ නොපැළඳ සිටි පුද්ගලයින් 1060 පමණ පරීක්ෂාවට ලක්කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

ඉන් 550ක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කර තිබුණි.

තවත් 510 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමුකර තිබේ.

එහිදී සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මගින් 14 දෙනෙකු කොවිඩ් -19 ආසාදිතයන් බවට හඳුනාගෙන ඇති අතර PCR පරීක්ෂණ ප්‍රතිඵල මෙතෙක් ලැබී නොමැත.

මුඛ ආවරණ නොපැළදීම සහ පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා නොකිරීම සම්බන්ධයෙන් ඊයේ බස්නාහිර පළාතට අමතරව දිවයිනේ අනෙකුත් පළාත්වලදී සිදුකළ වැටලීම්වලින් පුද්ගලයින් 81 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඉකුත් ඔක්තෝබර් 30 වනදා සිට එම වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන ඇති සමස්ත සංඛ්‍යාව 2253කි.

අද දිනයේද බස්නාහිර පළාත සහ අනෙකුත් පළාත් ආශ්‍රිතව මෙම මෙහෙයුම් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

ඔවුන්ට නිරෝධායන නීති යටතේ කටයුතු කිරීමට අමතරව රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණද සිදු කිරීමට නියමිතය.

Related posts

“රණවිරුවන් හිරේ දමද්දී හමුදාපති බුදිද“ – ඥාණසාර හිමියන් උසාවියෙන් නික්ම යද්දී අසයි

colombotoday

දඹර අමිල හිමි මාරාන්තික උපවාසයේ…

colombotoday

මීළඟ ආණ්ඩුවේ ප්‍රධානියා ජනාධිපති ගෝඨාබය නොවෙයි.

colombotoday

බාල්දු වෙන රුපියල ශක්තිමත් කරන හැටි කබ්රාල් කියයි

colombotoday

ගෝඨාභය රාජපක්ෂ ජනපතිගේ ඉල්ලා අස්වීම නිල වශයෙන් නිවේදනය කරයි

colombotoday

“විහාරස්ථානවලට අත තියන්න ආණ්ඩුවට තියා කාටවත් ඉඩ දෙන්නෑ“ – බුද්ධශාසන ඇමති

colombotoday