Colombo Today Local News

කථානායක මන්ත්‍රිවරුන්ට දුන් විශේෂ දැනුම්දීම

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීමේදී ඡන්දය භාවිත කරන ස්ථානයට ජංගම දුරකථන රැගෙන නොයන ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් දැනුම් දී තිබේ.

අදාළ නීතිරීතිවලට අනුගත වෙමින් පාර්ලිමේන්තුව විසින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා අද පැවැත්වෙන ඡන්ද විමසීමේදී ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් එය සාර්ථක කර ගැනීම සඳහා සියලු පක්ෂවල සහාය අපේක්ෂා කරන බව කථානායකවරයා සියලු මන්ත්‍රිවරුන්ට දැනුම්දී ඇති බව සඳහන් ය.

රහස් ඡන්ද විමසීමේදී තේරිම්භාර නිලධාරියා ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා මෙහිදී පවසා සිටින්නේ, 1981 අංක 2 දරණ ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ විශේෂ විධිවිධාන පනතට අනුව සියලු මාර්ගෝපදේශයන් මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇති බවය.

Related posts

රන්ජන් ගැන හිත උණු උන මහින්දානන්ද නඩුව ඉල්ලා අස්කර ගනී

colombotoday

කවුරු බැන්නත් තීරණ ගන්නේ රට වෙනුවෙන් – ජනපති කියයි

Admin

බෝගස්වැ‍ව අහිංසකයන් වෙනුවෙන් හඩනැගූ පියනන්ද හිමිට උසාවියෙන් වරෙන්තු !

colombotoday

බැසිල්ට තිබු විදෙස් ගමන් තහනමක් තවත් අධිකරණයකින් ඉවතට

colombotoday

සිරිල් ගාමිණි පුජකතුමා අදත් CIDයට

colombotoday

උප්පැන්නෙන් ජාතිය හැලෙයි… සිංහල,දෙමළ,මුස්ලිම් වෙනුවට “ශ්‍රී ලාංකික“ යනුවෙන් යොදයි…

colombotoday