Colombo Today Local News

යාපනයට තිබෙන එකම විමුක්තිය ඉගෙනීමයි – ආණ්ඩුකාරයා කියයි

භෞතික විද්‍යාව විෂය ධාරාවේ දිවයිනේ ප‍්‍රථම ස්ථානය ලැබූ යාපනය හාර්ට්ලි විද්‍යාලයේ ශ‍්‍රීධරන් දුවාකරන්ට් සිසුවාට සුබ පැතීම සඳහා උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා පේදුරුතුඩුවේ පිහිටි ඔහුගේ නිවසට ඊයේ (29) උදෑසන පැමිණියේය.

ඔහුගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා ආණ්ඩුකාරවරයා මූල්‍යාධාර පිරිනැමූ අතර ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා යම් උපකාරයක් අවශ්‍ය වුවහොත් එයද ලබාදෙන බවට ප‍්‍රකාශ කළේය.

‘‘උතුරු පළාත ලංකාවේ අධ්‍යාපනය ප‍්‍රමුඛස්ථානය දිනාගෙන සිටියා. වසර ගණනාවක් මේ රටේ බිහිවෙච්ච බුද්ධිමතුන්, ඉංජිනේරුවරුන්, විශේෂඥයින්, කළමනාකරණ ප‍්‍රධානීන් බිහිවුණේ දකුණට ගෙනිච්චේ උතුරු පළාතෙන්. දැනුත් විශාල ප‍්‍රමාණයක් හොඳ වෛද්‍යවරුන් දකුණු පළාතේ රෝහල්වල ඉන්නේ උතුරු පළාතෙන් ගිහිල්ලා. නමුත් යාපනය ප‍්‍රදේශයේ හා අවට දූපත්වල ඇති රෝහල්වල වෛද්‍යවරුන් නැහැ. ඒක බොහෝම ඛේදනීය කාරණයක්. ඒ වගේම යුද්ධයෙන් පසු සාමය ලැබුණාට පසු අධ්‍යාපනයේ ගුණාත්මක පිරිහිමක් දක්නට ලැබෙනවා. මෙය මා දකින්නේ පරිපාලන නිලධාරීන්ගේ වරදක් හැටියටයි. මුළු යාපනයේම අධ්‍යාපනය නැවත ඉදිරියට ගත යුතුයි. යාපනයට තිබෙන එකම විමුක්තිය ඉගෙනීමයි‘‘ යැයි ද ඔහු පැවසීය.

Related posts

විදුලිබල මණ්ඩල සේවකයන් ප්‍රසාද දීමනාව අත්හරී

Admin

පාස්කුදා ප‍්‍රහාරයට වගකිව යුත්තේ රටේ පාලකයන් – මැල්කම් රංජිත් කාදිනල්තුමා

colombotoday

නාවලපිටියෙන් නාවික දුරදක්නයක්, කඩු, මන්න තොගයක් සොයාගනී…

colombotoday

“වල්බූරු සංහිදියාව” විශ්වවිද්‍යාලයටත් රිංගයි.. එක් අයෙකුට ආගම අදහන්න දෙසීයකට විභාගය ප්‍රමාද කරවලා !

colombotoday

බදියුදීන් මොහොමඩ්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමට දින නියම කෙරේ

colombotoday

ආගමික වැඩසටහන් ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

Admin