Colombo Today Local News

මේ වසරේදී කෝටි 13ක හෙරොයින් අත්අඩංගුවට – කුඩු ජාවාරම් ඉහලට

2017 වර්ෂයේ මේ දක්වා කාලය තුළදී පමණක් කෝටි 13 කට අධික හෙරොයින් ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායට සහ මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපාරාධ දිසාවට හැකි තිබෙනවා.

2017 ජනවාරි 01 වැනිදා සිට පහුගිය දෙසැම්බර් 27 වැනිදාවන විට පොලිස් විශේෂ කාර්ය බලකායෙන් පමණක් රුපියල් 53,852,660.00 (කෝටි 5.3)ක් වටිනා හෙරොයින් ප්‍රමාණයක් අත් අඩංගුවට ගෙන ඇති අතර එය ප්‍රමාණාත්මකව ගත්විට ග්‍රෑම් 5,385.266ක ප්‍රමාණයක් පමණ වේ.
එසේම පසුගිය අගෝස්තු මාසයේ දී පිහිටවූ මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ දිසාව හෙරොයින් ග්‍රෑම් 8,226.659ක් අත්අඩංගුවට ගෙන ඇති අතර එම හෙරොයින් ප්‍රමාණයේ වටිනාකම රුපියල් 82,266,590.00 (කෝටි 8.2)ක් පමණ වේ.

ඒ අනුව 2017 වසරේ මේ දක්වා කාලය තුළ 136129250.00 ක් වටිනා හෙරොයින් අත් අඩංගුවට ගෙන ඇත.

Related posts

රතුපස්වලින් ආණ්ඩුවට රතු එළියක්

colombotoday

අමාත්‍යවරුන්ගේ විදේශ සංචාර අත්‍යවශ්‍ය කාර්යන් සඳහා පමණයි…

colombotoday

ජනපතිගේ තටු සියල්ල කපා දැමේ… ජවිපෙ 20 සම්මත වුණොත් රටේ ප්‍රධානියා අගමැති !

colombotoday

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය අසල වෙඩි තැබීමක්

Admin

නිවස අසල කඩේට ගිය පහළොස් හැවිරිදි දැරිය අතුරුදන්

Admin

හෙට සිට නැවතත් සෞඛ්‍ය වැඩවර්ජන

Admin