Colombo Today Local News

ආණ්ඩුව මන්ත්‍රී විජේදාස රාජපක්ෂට විරුද්ධව තීන්දුවක් ගත යුතුයි – රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ කියයි.

දේවේශ සහගත ලෙස හැසිරෙන පුද්ගලයින් හට පක්ෂයේ විනය සහ ආණ්ඩුවේ විනය ආරක්ෂා කිරීම වෙනුවෙන් විජේදාස රාජපක්ෂ මහතාට විරුද්ධව තීන්දුවක් ගැනීම වඩාත් සුදුසු කාරණයක් බව සමෘද්ධි රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

ඒ පිළිබඳ ඊයේ (19) කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමින් රාජ්‍ය ඇමැති වරයා එසේ ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමෘද්ධි රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මෙසේද කීය,

“මේ පනත සම්බන්ධයෙන් වෙනත් අදහස් දරණ පුද්ගලයෙකුට සංශෝධන ඉදිරිපත් කිරීමේ අයිතිය ආණ්ඩු පක්ෂයට වගේම විපක්ෂයටත් තියෙනවා. සාධනීය පරමාර්ථයක් තුළ එම සංශෝධන ගෙන ඒම සඳහා රජය නොපැකිළිව ඕනෑම අවස්ථාවක ඉඩ ලබා දෙනවා. නමුත් දේශ සහගතව තමන්ට තනතුරක් නොලැබීම හේතු කර ගෙන රටක් වෙනුවෙන් රට ජාත්‍යාන්තරය තුළ කේන්ද්‍රස්තානය කිරීමට රජය ගන්නා උත්සහයට ඉතාමත් දේශ සහගතව අකුල් හෙලීම සම්බන්ධයෙන් අපි රජයක් වශයෙන් විජේදාස රාජපක්ෂ මහතාට තීන්දුවක් ගැනීම සිදු කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය වැඩ කටයුතු පක්ෂය විසින් සිදු කරනවා. ඒ වගේම තමයි පක්ෂයේ විනය රජයේ විනය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් එතුමාට විරුද්ධව තීන්දුවක් ගැනීම වඩාත් සුදුසු කාරනයක්.”

Related posts

10වන ජාතික බාලදක්ෂ ජම්බෝරියේ නිල ලාංඡනය එළිදක්වයි

Admin

බන්ධනාගාර තාප්පෙට ඉහළින් එන පාර්සල්

colombotoday

කරච්චි යන ගමන් අද උදේ මත්තලට ගොඩබැස්වූ ලෝකෙ ලොකුම යකඩ කුරුල්ලා (Video)

colombotoday

ගුරු මාරුවීම් වලට ආණ්ඩුවේ දේශපාලකයන් මැදිහත් වෙලා

Admin

මහනුවර – මාතලේ නාය යාමේ අවදානමක්

Admin

“ජනපති අගමැති ලෝකය දිනුවා.. දැන් ජාත්‍යන්තර බලපෑම් නෑ.. රට නිදහස්” – හෙළ උරුමය

colombotoday