BusinessColombo Today Local News

නෙස්ලේ නිෂ්පාදන සෞඛ්‍ය පරීක්ෂණයකින් අසමත්

“සෞඛ්‍ය නිෂ්පාදන අන්ධ ලෙස විශ්වාස නොකරන්න සහ ඇසුරුම් මගින් ආහාර නිෂ්පාදන විනිශ්චය නොකරන්න.” යන මාතෘකාව යටතේ මැගී, කිට් කැට්, සහ නෙස්කැෆේ හි මව් සමාගම වන නෙස්ලේ සමාගමේ නිෂ්පාදන සෞඛ්‍ය හිතකර නොවන බව සඳහන් කරමින් ඉන්දීය වියෝන් නාලිකාව විශේෂ හෙළිදරව්වක් සිදුකර ඇත.

නෙස්ලේ සමාගම ඔබට “හොඳ ආහාර – හොඳ ජීවිතයක්” (good food – good life) පොරොන්දු වේ. නමුත් ඔවුන් ඇත්ත වශයෙන්ම ඔබට සෞඛ්‍ය සම්පන්න නිෂ්පාදන විකුණනවාද?

නෙස්ලේ සමාගමේ නිෂ්පාදනවලින් බොහොමයක් මෑතකදී සෞඛ්‍ය ප්‍රමිතීන් සපුරාලීමට අපොහොසත් වී ඇත. ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය ශ්‍රේණිගත කිරීමේ ක්‍රමවේදය මගින් කරන ලද පරීක්ෂණයකින් හෙළිවී ඇත්තේ, නෙස්ලේ නිෂ්පාදනවලින් 60% ක්ම සෞඛ්‍යය පිළිබඳ පිළිගත් නිර්වචනයක් සපුරා නොමැති බවයි. මේ පිළිබඳව අභ්‍යන්තර වාර්තාවක් මාධ්‍යයට නිකුත්වී ඇති අතර එම ලේඛනයට අනුව “නෙස්ලේ” සමහර නිෂ්පාදන කොතරම් වැඩිදියුණු කළද කිසි විටෙකත් සෞඛ්‍ය සම්පන්න නොවනු ඇත.

ඉන්දියාවේ වඩාත්ම ජනප්‍රිය නෙස්ලේ නිෂ්පාදනයක් වන මැගී ක්ෂණික නූඩ්ල්ස් 2015 වසරේදී ඉන්දියාවේ තහනම් වී ඇත. ඒ මොනොසෝඩියම් ග්ලූටමේට් මත එම්.එස්.ජී. වැරදි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් සමාගමට චෝදනා එල්ලවීමෙන් පසුවය.

Related posts

විස්සේ ඡන්ද විමසීම ඇරඹේ

colombotoday

තවත් කොරෝනා රෝගීන් පහක් හමුවෙයි. මුළු ආසාදිත සංක්‍යාව 373 දක්වා ඉහලට

colombotoday

රුසියාවෙන් ඉන්ධන ගන්නැයි පක්ෂ 12ක් ජනපතිගෙන් ඉල්ලයි

colombotoday

ඥානසාර හිමිට එරෙහි ෆේස්බුක් වාරණයට එරෙහිව උපවාසයක්

colombotoday

පොලිස්පති පූජිත ‘හොදම රාජ්‍ය සේවකයා‘ සම්මානයෙන් පිදුම් ලබයි !

colombotoday

මම ජනාධිපතිවරණයට එනවනම් මහින්ද, බැසිල් කැමති වෙන්න ඕන

colombotoday