Colombo Today Local News

ඥානසාර හිමිට එරෙහි ෆේස්බුක් වාරණයට එරෙහිව උපවාසයක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එරෙහි ෆේස්බුක් වාරණයට එරෙහිව උපවාසයක් සිදුකරන බව සිවිල් අයිතිවාසිකම් හා මානව හිමිකම් ක්‍රියාකාරී චිරන්ත අමරසිංහ පවසනවා.

පොලිස්පතිවරයාට යොමු කල ලිපියක් ඒ මහතා විසින් මාධ්‍යයට යොමු කර ඇති අතර එම ලිපිය පහතින් දැක්වේ…

2020-08-16
පොලිස්පතිවරයා,
ශ්‍රී ලංකා පොලිසිය,
පොලිස් මූලස්ථානය,
කොළඹ

ගරු පොලිස්පතිතුමනි,
ඇමරිකානු තානාපති කාර්යාලය අසල තනිවම උපවාසයක් සිදු කිරීම

කොරෝනා වසංගතය සම්බන්ධයෙන් සෞඛ්‍යය මාර්ග උපදේශන අනුගමනය කරමින් 2020 අගෝස්තු මස 17 වනදා උදෑසන 10.00 – පස්වරු 2.00 අතර කාලයේ දි ශ්‍රී ලංකාවේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට හෝ ඒ අසල තනිවම උපවාසයක් කිරීමට මා කටයුතු සූදානම් කර ඇත.

අදාල උපවාසය කිරීමට හේතු වන්නේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි සම්බන්ධයෙන් කුමන මාතෘකාවක, උපුටා ගැනීමක්, ප්‍රවර්ධනයක් හෝ විවේචනයක් ෆේස්බුක් සටහනක් ලෙස තැබීම ඇමරිකාවේ පිහිටි Facebook සමාගම විසින් ශ්‍රී ලංකාවේ පිහිටි පුරවැසියන්ගේ Facebook ගිණුම් අත්හිටුවන වරදක් බවට අත්තනෝමතික ලෙස පත් කරමින් වාරණයක් සිදු කර ඇත. ඒ උන්වහන්සේ භයානක පුද්ගලයෙක් ලෙස නම් කරමින් ය.

මෙරට ප්‍රධාන මාධ්‍ය උන්වහන්සේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන පුවත් වාර්තා කිරීම් තම ගිණුම් ඔස්සේ share කිරීම ද ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ ෆේස්බුක් ගිණුම් අත්හිටුවන වරදක් බවට ද Facebook සමාගම විසින් අත්තනෝමතික ලෙස පත් කර ඇත.

හාස්‍යජනක කාරණාව වන්නේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර ස්වාමීන් වහන්සේගේ නම පමණක් නොව ඊට සමානකම් දරන “ගලබොඩ” නම් ගම්මානයෙ නම භාවිතා කිරීම ද ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ ෆේස්බුක් ගිණුම් අත්හිටුවන වරදක් බවට Facebook සමාගම විසින් අත්තනෝමතික ලෙස පත් කර ඇත.

ලොව පුරා ප්‍රචණ්ඩ, ප්‍රබල හා ඉතාමත් භයානක ත්‍රස්තවාදීන්ගේ නම් පවා උපුටා ගැනීම, විවේචනය සඳහා භාවිතා කිරීම තහනම් කර නොමැති ෆේස්බුක් සමාගම ශ්‍රී ලංකාවේ නීතිය ප්‍රකාරව ජනාධිපති සමාව ලත් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර ස්වාමින් වහන්සේගේ නම උපුටා ගැනීම, විවේචනය සඳහා ද භාවිතාව තහනම් කර ඇති බවට ෆේස්බුක් සමාගම මා වෙත පැහැදිලි කර ඇත්තේ මාගේ ෆේස්බුක් ගිණුම ද එවැනි ෆේස්බුක් සටහනක් සඳහා තාවකාලිකව අත්හිටුවමින් ය.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර ස්වාමීන් වහන්සේගේ නම සඳහන් වන ෆේස්බුක් පෝස්ට්ටු මෙලෙස අත්තනෝමතික ලෙස ඉවත් කරමින් ඊට අදාළ ගිණුම් අත්හිටුවමින් ඇමරිකානු සමාගමක් වූ ෆේස්බුක් සමාගම ශ්‍රී ලංකාවේ ජනසමාජය, දේශපාලනය වෙත අනිසි බලපෑමක් ඇති කරමින් සිටින බවද, එය ශ්‍රී ලංකාවේ පුරවැසියන් සතු භාෂණයේ නිදහස හා අදහස් ප්‍රකාශ කිරීමේ මූලික අයිතිවාසිකම උල්ලංඝනය කිරීමක් මෙන්ම, ඇමරිකානු සමාගමක් විසින් ජාත්‍යන්තර නීතියෙන් පිළිගෙන ඇති මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කිරීමක් ලෙස මා දකිමි.

තවද, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ මහමැතිවරණ අපේක්ෂකයෙකු ලෙස නම්ව තිබියදී ද, මෙම වාරණ කටයුත්ත එලෙසම සිදු වී ඇති බවට සාක්ෂි මා වෙත අනාවරණය වී ඇති බැවින්, ඒ හරහා Facebook සමාගම විසින් දැන දැනම ශ්‍රී ලංකාවේ පැවති මහ මැතිවරණයට සෘජු හා අනිසි බලපෑමක් කර ඇති බවට මා වෙත පෙනීයයි.

මේ අනුව 2020 අගෝස්තු මස 17 වනදා උදෑසන 10.00 – පස්වරු 2.00 අතර කාලයේදි ශ්‍රී ලංකාවේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට හෝ ඒ අසල මා තනිවම උපවාසයක් කිරීමට තීරණය කර ඇති අතර, එම ඇමරිකානු සමාගමට විරෝධය දැක්වීම පිණිස එහිදී ෆේස්බුක් සමාගමේ අයිතිකරුගේ A4 ප්‍රමාණයේ ඡායාරූපයක් පුළුස්සා දැමීමට/පාගා ඉරා දැමීමට ද කටයුතු කරන අතර, උපවාසය හරහා මහජනතාවට හෝ කිසිදු පුද්ගලයෙකුට බාධාවක් නොවන ආකාරයෙන් හැකි තාක් ජනතාවක් රැස් නොකර මෙම කටයුත්ත නිහතමානීව සිදු කරමි.

දෙරටම එක්ව මෙම අකටයුත්ත සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා පෙත්සමක් ද ඇමරිකානු තානාපතිවරයා වෙත බාරදීමට ද නියමිත අතර, ශ්‍රී ලංකාව තුලට අනිසි බලපෑමක් ඇති කරන එම ප්‍රතිපත්තිය වහාම හකුලා ගන්නා ලෙසත්, මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ පැමිණිල්ලක් සිදු කිරීමට මෙරට ෆේස්බුක් නියෝජිතයෙකුගේ නම හා ලිපින ඉල්ලා සිටීමට ද නියමිත ය.

මේ කටයුත්ත සම්බන්ධයෙන් විරෝධයක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් මා ලිඛිතව දැනුවත් කරන ලෙස මා ඉල්ලා සිටිමි.

මෙයට විශ්වාසී,
චිරන්ත අමරසිංහ,
සිවිල් අයිතිවාසිකම් හා මානව හිමිකම් ක්‍රියාකාරී

Related posts

රාජ්‍ය ආයතනයකට පාඩු කළා යැයි පවසමින්, මලික් සමරවික්‍රමට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්

colombotoday

බන්දුට මිලානෝ හි තනතුරක් නෑ – විදේශ අමාත්‍යංශයෙන් නිවේදනයක්.

colombotoday

හිටපු ජනාධිපති මෛත්‍රීපාලට නොතීසි

colombotoday

රන්ජන්ට සජිත්ගේ සන්ධානයෙන් නාම යෝජනා !

colombotoday

“2020දී රාජ්‍ය නායකත්වය, එජාප නායකත්වය දෙකම හම්බන්තොටට ගේනවා“ – සජිත්

colombotoday

රාජපක්ෂලා එක්ක ඩීල් දමන්නේ කවුද කියා හෙළි වුණා

colombotoday