Colombo Today Local News

රාජපක්ෂලා එක්ක ඩීල් දමන්නේ කවුද කියා හෙළි වුණා

රනිල් වික්‍රමසිංහ මහතා රාජපක්ෂලා සමඟ ඩීල් දමන බවට චෝදනා එල්ල වුවත් එසේ ඩීල් දමන්නේ කවුරුන්ද යන්න 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත වීම තුළින් පෙනී යන බව හිටපු අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කළේය.

සජිත් නොගොස් පක්ෂයේ හිමිකාරිය ඩයනාද රවුෆ් හකීම් නොගොස් ගෝලයින්ද ආණ්ඩුවට දුන් බව පෙන්වා දුන් රංගේ බණ්ඩාර මහතා එජාපය දෙකඩ කරමින් කුලියට ගත් පක්ෂයකින් මැතිවරණයට ඉදිරිපත් වෙමින් සජිත් ප්‍රේමදාස ඇතුළු කණ්ඩායම සිදු කළ ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි ක්‍රියාවෙන් අනාගතයේදී ජනතාවට භයංකර තත්ත්වයකට මුහුණ දීමට සිදු වුවොත් එහි සම්පූර්ණ වගකීම එම කණ්ඩායම භාර ගත යුතු බවද සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා 2015 ජනවාරි මස මන්ත්‍රීවරුන් 47 දෙනෙකුගෙන් යුතු ආණ්ඩුවකින් අයවැයක් සම්මත කර ජනතාවට සහන ලබා දී 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයද සම්මත කර ගත් නමුත් මන්ත්‍රීවරු 54 දෙනෙක් තබා ගෙනත් 20 වැනි සංශෝධනය සම්මත වීම වැළැක්වීමට සජිත් ප්‍රේමදාස මහතාට නොහැකි වූ බව කී ඒ මහතා ඔලුවෙන් වැඩ කරන්නේ රනිල්ද සජිත්ද යන්න ඔවුන්ගේ ක්‍රියා කළාපයෙන් තේරුම් ගත හැකි බවත් පක්ෂය නොකඩා රැක ගත හැකි ශක්තිමත් නායකයා කවුරුන්ද යන්න මහජනතාව දැන්වත් අවබෝධ කර ගත යුතු බවත් පැවසීය.

Related posts

සමගි ජන බලවේගයේ අපේක්‍ෂකයෙකු අත්අඩංගුවට

colombotoday

දාහය අධිකයි.. ඇතුගලත් පුපුරයි !

colombotoday

මහ කන්නයේ වී ගන්න රු. බිලියන 3ක් ලබාදීමට කැබිනට් අනුමැතිය

Admin

ප්‍රමිතියකින් තොරව සිදුකෙරෙන නුවරඑලිය නානුඔය ඩෙස්පොඩ් මාර්ගයේ කාපට් අතුරා ප්‍රතිසංස්කරණය.

colombotoday

මහින්ද, ඔයාව වැලිකඩ ඇරලයි අපි නවත්තන්නේ – දඹර අමිල හිමි

colombotoday

ඥානසාර හිමි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවුණු හේතුව

colombotoday