Colombo Today Local News

දාහය අධිකයි.. ඇතුගලත් පුපුරයි !

6c3a791fafc7c7a901951633ea31c3ff_L

පවතින අධික අධික උෂ්ණත්වය හේතුවෙන් කුරුණෑගල ඇතුගල පර්වතයේ කොටසක් පෙරේදා (19දා) රාත්‍රියේ ස්ථාන දෙකකින් පිපිරීම්වලට ලක්ව ඇත.

ඇතාගලේ පිපුරුම සිදුවූ ස්ථානයට ඊයේ (20දා) ගොස් එම ස්ථානය පරීක්ෂාවට ලක්කළ ජාතික ඉදිකිරීම් හා ගොඩනැගිලි පර්යේෂණායතනයේ නායයෑම් අංශයේ අධ්‍යක්ෂ ආර්.එම්.එස්. බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ, මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් ඇතාගලේ මෙම කොටස පිපුරුමට ලක්ව ඇති බවයි.

අඩි දෙකක් පමණ ගැඹුරට එම පිපිරුම සිදුව ඇති බවත්, ඒ හේතුවෙන්ගල මතුපිට ස්ථරයේ වූ ගල් පතුරු වශයෙන් ගැලවී ගොස් ඇතැයි දක්නට ලැබෙන බවත් ඒ මහතා කියා සිටියේය. එම පිපුරුම ගලේ මීටර් පහකට වැඩි දුරකට පැතිර ගොස් තිබෙන අතර, පිපිරුම සිදුවූ ස්ථානයේ සිට වයඹ පළාත් සභා සංකීර්ණයට ඇතිදුර මීටර් පහකට ආසන්නය.

පෙරේදා රාත්‍රී 10.00 ට පමණ ගල්බෝරයක් පුපුරා යන ආකාරයේ මහා ශබ්දයක් නගමින් මෙම ගල පුපුරා ගිය බවත්, ගලේ කැබලි බොහෝදුරට විසිවී ගොස් තිබුණු බවත් ගල පුපුරා ගිය ස්ථානයට ආසන්නව වෙළෙඳාමෙහි නිරතව සිටින පුද්ගලයෙක් පැවසීය.

කොපමණ උග්‍ර අව් රශ්මියක් පැවතියද වසර දහස් ගණනාවක් පැරණි ඇතාගල මින් පෙර මේ ආකාරයට පිපිරීමට ලක්ව නොමැති බව ප්‍රදේශවාසීහු පවසති.

අධික උණුසුමෙන් දිස්ත්‍රික්ක දහයකට පීඩා

එමෙන්ම පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10ක උෂ්ණත්වය විශාල ලෙස ඉහළ ගොස් ඇති අතර, මේ නිසා ජනතාව සහ වනසතුන් දැඩි පීඩාවට පත්ව තිබේ.

උෂ්ණත්වය ඉහළ ගොස් තිබෙන දිස්ත්‍රික්ක 10ට අමරතව හම්බෙන්තොට, මොනරාගල පොළොන්නරුව, කෑගල්ල දිස්ත්‍රික්කවල සහ අනුරාධපුර, මඩකලපුව, ත්‍රිකුණාමලය, මන්නාරම දිස්ත්‍රික්කවල නළ ජලය නොමැති ජනතාවට පානීය ජලය සොයාගැනීමේ ගැටලුද මතුව ඇතැයි වාර්තා වේ.

එමෙන්ම බොහෝ ප්‍ර‘දේශවල පානීය ජලය ලබාදීමද දෛනිකව සීමා කර ඇති අතර, පවතින වියළි කාලගුණ තත්ත්වය මේ වසරේ මැයි මාසය දක්වාපැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
වියළි කාලගුණ තත්වය නිසා උෂ්ණත්වය යම් ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති නිසා ඉදිරි දිනවල ජනතාවට දරාගත හැකි උෂ්ණත්ව ප්‍රමාණයක් ප්‍රකාශයට පත්කරන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුක්ත කාලගුණ විද්‍යාඥ සජිත් වික්‍රමසූරිය මහතා සඳහන් කළේය.

ආපදා කළමණාකරණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (20දා) දිනයේ නිකුත් කළ දෛනික වාර්තාවට අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 280කට අයත් පුද්ගලයන් 935 දෙනෙකු වියළි කාලගුණික තත්ත්වය නිසා පීඩාවට පත්ව තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ දෛනික වාර්තාවට අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 25ක් දක්වා ඉහළගොස් තිබෙන අතර, අනුරාධපුර දිස්ත්‍රික්කයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 36ක් ලෙස සඳහන් කර ඇත.

මීට අමතරව කොළඹ, මහනුවර, ත්‍රිකුණාමලය සහ ගාල්ල දිස්ත්‍රික්කවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 33ක් ලෙසත්, රත්නපුර දිස්ත්‍රික්කයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 32ක් හා මන්නාරම දිස්ත්‍රික්කයේ උෂ්නත්වය සෙල්සියස් අංශක 34ක් ලෙසත් දෛනික වාර්තාවේ සඳහන් කර තිබේ.

ඉන්දික හේවාවිතාරණ/ ගීතාංජලී ප්‍රියදර්ශනී
ada.lk

a26232

Related posts

ගාලු රැළියට නොඑන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට මේ පාරනම් දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නවාමයි

colombotoday

TNL රූපවාහිනියේ විකාශන කටයුතු අත්හිටුවයි..!

colombotoday

උතුරේ දේශපාලන පෙරළියක්.. ටී.එන්.ඒ. දෙදරයි.. පක්ෂ කිහිපයක් ඉවත් වී නව සන්ධානයක් හදයි !!

colombotoday

විටින් විට ගිහියෙක් සහ චීවරධාරියෙක් ලෙස පෙනීසිටි හෙරොයින් ජාවාරම්කරු පොලිස් අත්අඩංගුවට

colombotoday

සොත්ති උපාලිගේ පුතෙක් වැඩට බහියි. – අයිස් සමග අත්අඩංගුවට

colombotoday

උසස් පෙළ ප්‍රතිඵල අද රෑ අන්තර්ජාලයට

colombotoday