Colombo Today Local News

පාර වසා උද්ඝෝෂණය කර මහජනයා පීඩාවට පත්කරාට අගමැතිට එරෙහිව පැමිණිල්ලක්

එක්සත් ජාතික පක්ෂය විසින් කොළඹ ලිප්ටන් වටරවුමේදී ඉකුත් දා පැවැත්වූ විරෝධතාව සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව ‘‘සිංහල රාවය’’ සංවිධානය පවසනවා.

එහි මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පෙන්වා දුන්නේ මෙම විරෝධතාව හේතුවෙන් එම අවස්ථාවේදී දැඩි රථවාහන තදබදයක් ඇතිවූ බවයි.

එම නිසා ජනතාව දැඩි පීඩාවට පත්වුණා. කෙසේවෙතත් ඉකුත් දා තම සංගමය මගින් කළුතරදී කළ විරෝධතාවකට එරෙහිව පොලිසිය තමන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කල බව මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසනවා.

එසේ තිබියදී එක්සත් ජාතික පක්ෂය සංවිධානය කළ විරෝධතාවට එරෙහිව නීිතිය ක‍්‍රියාත්මක නොකිරීම බරපතල ගැටලුවක් බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.

තම සංවිධානයට නඩු පැවරූ නීති රෙගුලාසි යටතේම එක්සත් ජාතික පක්ෂයේ නායකයා ප‍්‍රමුඛ පිරිසටද නඩු පැවරිය යුතු බවයි පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පෙන්වා දුන්නේ.

nethfm

 

Related posts

“බොරු පුවත් නිර්මාණය කර පළ කිරීම නින්දිත ක්‍රියාවක්” – ගෝඨාභයගෙන් ප‍්‍රකාශයක්

colombotoday

ජාතික පුෂ්පයටත් වෙනසක් කරන්න කැබිනට් අනුමැතිය

colombotoday

වවුචර් ක්‍රමය නවතී – පාසල් සිසුන්ට නැවතත් නිල ඇඳුම් රෙදි

colombotoday

ගුරු-විදුහල්පති සේවා සංවෘත සේවා කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

colombotoday

ජනමතවිචාරණය දිනවන්න ලෑස්ති වෙන්නැයි අගමැති NGO ලොක්කන්ට දන්වයි !

colombotoday

යහපාලනය දූෂණය කරපු හැටි ජනපති අගමැති රනිල්ගේ මූණටම දෙසයි… [Video]

colombotoday