ArticlesColombo Today Local NewsGossip

‘දන්නෝ බුදුන්ගේ’ ගීතයේ මුල් ගායක ලෝරන්ස්ගේ මිනිබිරිය, කිශානිගේ සායම යවයි

kishani j 33

බුදුන් වහන්සේ වෙනුවෙන් ඉතාමත් බැති සිතින් ගායනා කරනු ලබන, ”දන්නෝ බුදුන්ගේ..” නමැති ගීතය මීට මසකට පමණ පෙර, ඕපෙරා ශෛලියෙන් ගීත ගායනා කරනු ලබන, කිශානි ජයසිංහ මෙම ගීතය ද ඕපෙරා ශෛලියෙන් ගායනා කර තිබුණා. ඇය විසින් එම ගීතය මුළුමනින්ම විකෘති කළ බව පවසමින් සමාජ ජාල වෙබ් අඩවි හරහා ඇයට දැඩි විරෝධයක් එල්ල විය.

දිගට හරහට වැදුණු මඩ ප්‍රචාරත් සමඟින්, කිශානි ඒවායෙන් ගැළවෙන්නට උත්සාහය කරන අයුරු ද පෙනෙන්නට තිබුණා. කෙතරම් දෝෂාරෝපණය එල්ල වූ නමුත්, කිශානි කිසිම විටෙක මුල් ගායනයට තමන් කළේ වරදක් බව ඈ පිළිගත්තේ නැහැ… ඇය තම වරද වසා ගන්නට පැවසුවේ, එම ගීතය මුල්වරට ගායනා කළේ ඕපෙරා ශෛලියෙන් බවට පැවසීමයි. කිශානි පැවසු එකී කතාවන්හි සත්‍ය අසත්‍ය තාවය පිළිබඳව මේ ගීතය මුලින්ම ගායනා කළ ලෝරන්ස් මාස්ටර්ගේ මිණිබිරිය පැවසු කතාවයි මේ.

Kishani Jayasinghe (2)“මේ දිනවල දන්නෝ බුදුන්ගේ නැමැති ගීතය ‘සොප්‍රානෝ ඕපෙරා’ශෙලියෙන් එක්තරා ගායිකාවක් විසින් ගායනා කිරීම පිළිබඳව විවිධ වූ අදහස්, මති මතාන්තර, විවේචන, කටකතා මාධ්‍ය ඔස්සේ අසන්නට, දකින්නට ලැබේ. ඒවා විවිධය. ඒ මොන දේවල් පැවැසුණත් මේ ගීතය මුලින්ම ගායනා කළ ගායකයා පිළිබඳව කිසිම කෙනෙක් කතා කළේ නැත.

ඒ ගැන නොදන්නා නිසා විය හැකිය. එතුමා පිළිබඳව කතා කිරීමට මට අයිතියක් ඇත. ඒ මා කලාකාරියක හෝ මාධ්‍යවේදිනියක නිසා නොව, මා එතුමාගේ මිනිබිරියක වන නිසා ය. එතුමා පිළිබඳව ජනතාවට පැහැදිලි අවබෝධයක් ලබාදීම මගේ යුතුකම හා වගකීම වන්නේ ය.

මුලින්ම පැහැදිලි කළ යුතු වන්නේ ‘දන්නෝ බුදුන්ගේ’ ගීතය බුදුන් වහන්සේගේ ගුණ ඇතුළත් ගීතයක් බව ය. එය අප මුලින්ම අමතක නොකළ යුතුය. එම ගීතය මුලින් ගායනා කර තිබුණේ ‘ඔපෙරා’ ශෙලියට නිසා ඇය ද එම ශෛලියෙන් ගායනා කළ බව එය ගැයූ ගායිකාව මාධ්‍යයට පවසා තිබුණි. ඇය තමන්ගෙන් සිදුවූ වරද වසා ගැනීමට එසේ පැවැසුවක් බව මට සත්‍ය වශයෙන්ම පැවැසීමට හැකිය.

එම ගීතය ගායනා කළ මුල්ම ගායකයා ගායනා කර තිබුණේ ඉතාමත් ශාන්ත ලෙසටයි. ඕනෑම කෙනකුට එදා ගැයූ නූර්ති ශෙලියේ ගීතයට සම වැදී අසා සිටිය හැකිය.

‘ඔපෙරා’ ශෙලියෙන් මෙම ගීතය ගායනා කිරීම පිළිබඳව හා එම ගීතයට සිදුවූ හානිය පිළිබඳවත් ‘අන්තර්ජාලය’ ඔස්සේ එය ගැයූ ගායිකාවට වරද පෙන්වා දුන් සැමට දොස් කිවයුතු නැත.

ඔවුන් එසේ කළේ අනාගතයේ දී ඒ ගීතයට නැවත හානියක් නොවීමට වගබලා ගැනීමට ය. එසේ නොවුණු කල ‘යෝවද තම්පව…’, ‘සබ්බ පාපස්ස අකරනං…’, ‘ඉන්ද්‍ර නීල වර්ණ පත්‍ර….’ ආදී ගාථා රත්නයන් පවා ‘ඔපෙරා’ ශෙලියට ගායනා කිරීමට අපේ රටේ දරුවන් අනාගතයේ දී පුරුදු වනු නොඅනුමාන ය.’

Related posts

ශ්‍රීලනිපය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ බවට දැන්වීමක් කර නෑ – කථානායක කරු

colombotoday

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කැලෑ වෙන්දේසි කරන කොම්පැණියක්… ඇමතිකම මොන්ටිසෝරි දරුවෙකුට දෙන්න

Admin

කොවිඩ් ආසාදිත පොලිස් සැරයන්වරයෙක්ගේ සිරුර රෝහල් වතුර ටැංකියේ දාගෙන දින 56ක් වතුර බීලා

colombotoday

සතොස භාණ්ඩ 10ක මිල තවත් අඩු කරයි

Admin

පාසල් නැවත ආරම්භ කිරිමට හෙට විශේෂ සාකච්ඡාවක්

colombotoday

නාම යෝජනා දෙන්න බැරි උනේ මහේෂ් සේනානායකගේ කුමන්ත්‍රණයක් නිසා – නාගානන්ද හේතු කියයි

colombotoday