Colombo Today Local News

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කැලෑ වෙන්දේසි කරන කොම්පැණියක්… ඇමතිකම මොන්ටිසෝරි දරුවෙකුට දෙන්න

වැලි ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල්වරයාට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීමට කොන්දක් නැති නම් ඔය ඇමැතිකම මොන්ටිසෝරි දරුවකුට දෙන්නැයි සමගි ජන බලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පරිසර අමාත්‍ය මොහොමඩ් නසීර් මහතාගෙන් පාර්ලිමේන්තුවේදී අද (2)දින ඉල්ලීමක් කළේය.

මේ තත්වය ඇතිවී තිබෙන්නේ ඇමතිවරයා එක එක්කෙනාට යටවී සිටීම නිසා බව පැවසූ මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාට පොඩි හෝ ගෞරවයක් තිබුණා නම් ඒ ගෞරවයත් මේ හොරකම් නිසා නැතිවන බවද ප්‍රකාශ කළේය.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අද කැලෑ වෙන්දේසි කරන කොම්පැණියක් බවද ඔහු ප්‍රකාශ කළේය.

මාන්නප්පෙරුම මහතා මෙසේ පැවසුවේ වනජීවී අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

Related posts

එන්නත් ලබා දෙනකොට පොට වරද්ද ගන්න එපා.. අපිවගේ දේශපාලඥයින්ට අන්තිමට ලැබුණාට කමක් නැහැ.

colombotoday

හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක් උද්‍යාන මාවතේ ඇවිදින්න ගිහින් මරුට

Admin

ඇණහිට තිබූ සියලු මහා පරිමාණ ඉදිකිරීම් යළි අරඹන්න තීරණයක්

Admin

මෘදුකාංග ඉංජිනේරු උපාධිය හඳුන්වා දී සිසුන් 40,000 ක් අලුතෙන් බඳවා ගැනීමට ජනාධිපතිගෙන් තීරණයක්

colombotoday

20 එපා. අතේ, මුවේ සටහන් කරගෙන ඊට පක්ෂව ඡන්දය දුන් මුස්ලිම් කොන්ග්‍රසයේ මන්ත්‍රී

colombotoday

අත්හැරීමත් දේශපාලනයේදී හොඳින් පුරුදුයි – අගමැතිවරයාගේ විශේෂ ප්‍රකාශය

colombotoday