Colombo Today Local News

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ හෙට දිවයිනට

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ හෙට දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඒ දෙදින නිල සංචාරයක් සදහායි. අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙම සංචාරයේදී ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ විදේශ අමාත්‍යවරයා සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්විමට නියමිතයි.

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ මෙම සංචාරයේදී පාස්කු ප‍්‍රහාරය මෙහෙය වු ත‍්‍රස්තයින්ගේ ඉලක්කයක් වූ කොටහේන ශාන්ත අන්තෝනි දේවස්ථානයටද පැමිණිමට නියමිතව ඇත.

ඔහු එහිදී එම ප‍්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් වෙනුවෙන් ශෝකය පළ කිරීමටද නියමිතයි.

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ සම්ප‍්‍රාප්තිය වෙනුවෙන් කොටහේන ශාන්ත අන්තෝනි දේවස්ථානය ඉදිරිපිට ඇති මාර්ගයද කාපට් අතුරා ප‍්‍රතිසංස්කරණය කිරීම් ආරම්භ කර තිබෙනවා.

Related posts

“අපි දැන් මොනව කීවත් මිනිස්සු ගණන් ගන්නේ නෑ… දූෂණ ගැන කියන්න ගියාම අපට හිනාවෙනවා”

colombotoday

අද කොටුවට එන විරෝධතාකරුවන්ට අධිකරණයෙන් නියෝගයක්

Admin

නියම වෙලාවට උකුසු ගැහිල්ලක් මං ගහනවා !

colombotoday

මං අගමැති කරන්න කියන්නේ ජනතාවගේ අතට සල්ලි දාන්න- රනිල්

colombotoday

ගෙවන්න ඩොලර් නැතිව තෙල් නැව් සති ගනන් අතරමග

colombotoday

යෝෂිත රාජපක්ෂ නැවතත් නාවික හමුදාවට අනියුක්ත කරයි

colombotoday