Colombo Today Local News

කොවිඩ් දේහයකට ආරක්ෂාව සපයමින් ගිය රථය ප්‍රපාතයකට පෙරළී පොලිස් නිලධාරියෙක් මරුට

කොවිඩ් දේහයක් ප්‍රවාහනය කළ රථයකට ආරක්ෂාව සපයමින් හැටන් සිට ඔට්ටමාවඩි දක්වා ගමන් කළ වෑන් රථයක් අද (05)දින උදෑසන 7ට පමණ අනතුරකට ලක්ව පෙරළී ගොස් තිබේ.

එම රථයේ හැටන් පොලීසියේ නිලධාරීන් 4 දෙනෙක් මෙන්ම තවත් පිටස්තර පුද්ගලයින් දෙදෙනෙක් සහ රියදුරා සිට ඇත.

හැටන් සහ ගිනිගත්හේන අතර මාර්ගයේ 59වන කිලෝමීටර් කණුව අසලදී අනතුර සිදුව තිබෙන අතර රථයේ සිටි උප පොලිස් පරීක්ෂක බෙනට් කුමාරසිංහ මහතා මියගොස් ඇත.

තුවාල ලැබූ අනෙක් පිරිස වටවල රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම අනතුර සිදුව තිබෙන්නේ කොරෝනා ආසාදිතව මියගිය 79 හැවිරිදි කාන්තාවකගේ දේහයක් එලෙස අද (05)දින හැටන් සිට ඔට්ටමාවඩි ප්‍රදේශය වෙත රැගෙන යෑම සිදුකරන අතරතුරයි.

අනතුරුව පුද්ගලයාගේ දේහය සහිත රථය ගිනිගත්හේන පොලීසියේ නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ පිටත්කර යවා ඇත.

Related posts

ආමාත්‍යවරු 18ක් අද දිවුරුම් දෙයි

colombotoday

මහින්ද නෙරපයි? ඇමති දුමින්ද දිසානායකගේ තීරණය මෙන්න

colombotoday

මෙරටින් රැගෙන ගිය කෞතුක වස්තු 6ක් යළි දෙන්න යයි

Admin

ශ්‍රීලනිප 16 කණ්ඩායමේ සුදර්ශනී පරදා එජාපයේ ආනන්ද කුමාරසිරි නියෝජ්‍ය කතානායක වෙයි

colombotoday

කුරුන්දි විහාරයට අයත් ඉඩම් වෙනත් අයට පවරාදීමට තීරණයක් ගෙන නැහැ. – ජනපති ලේකම්

Admin

කඩු, කිණිසි, හමුදා ඇදුමට සමාන ඇදුම්, තව්හිද් ජමාත් පත්‍රිකා තොගයක් අත්අඩංගුවට…

colombotoday