Colombo Today Local News

කුරුන්දි විහාරයට අයත් ඉඩම් වෙනත් අයට පවරාදීමට තීරණයක් ගෙන නැහැ. – ජනපති ලේකම්

මුලතිව් කුරුන්දි විහාරයට අයත් රජයේ ඉඩම් වෙනත් අයට පවරාදීමට තීරණයක් ගෙන නොමැති බව දක්වමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන් වෙත ලිපියක් යොමුකර තිබේ.

පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවකදී කුරුන්දි විහාරයට අයත් රජයේ ඉඩම් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය පදනම් කර ගනිමින් වෙත පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකර තිබුණි.

කුරුන්දි විහාරයට අයත් නොවන ඉඩම් මහජනතාවට පවරා දීම සඳහා නියම කර ඇති බව මාධ්‍ය මගින් දැනගත් බවත්, එම විහාරය අවට බොහෝ තැන්වල විවිධ බෞද්ධ ආරාමවල නටඹුන් විසිරී ඇති බැවින් එම ඉඩම් බෙදාදීම නුසුදුසු බව ආචාර්ය පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි සිය ලිපිය මඟින් පෙන්වාදී තිබුණි.

කුරුන්දි විහාරයට අයත් රජයේ ඉඩම් වෙනත් අයට පවරා දීමට කිසිදු තීරණයක් ගෙන නොමැති අතර 1985 වර්ෂය වන විට වනාන්තර හා වනජීවී කලාප වශයෙන් පැවැති ඉඩම් ඒ ආකාරයෙන්ම ආරක්ෂා කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති ලේකම්වරයා සිය ලිපියේ දක්වා තිබේ.

කුරුන්දි විහාරය අවට කුඹුරු ඉඩම් කිහිපයක් සම්බන්ධයෙන් මතුවී ඇති ප්‍රශ්නය පිළිබඳව සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මුලතිව් දිස්ත්‍රික් ලේකම්වරයාට හා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දී ඇති බවද ජනාධිපති ලේකම්වරයා සිය ලිපිය මඟින් වැඩිදුරටත් පෙන්වා දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

Related posts

හෙට උද්ඝෝශකයින් උසි ගන්වා රාජ්‍ය දේපළවලට හානි කිරීමට සංවිධානාත්මක පිරිසක් සූදානමින්

colombotoday

මහජන සේවය ඉටු නොකිරීම ගැන ජනපති හේතු එපා කියයි

Admin

රන්ජන්ගේ මෝසම ප්‍රතික්‍ෂේප කෙරේ

colombotoday

චන්ද්‍රිකාගේ අලුත් පක්ෂයට පොහොට්ටුවෙන් මන්ත්‍රීවරු….

colombotoday

ශ්‍රී ලංකාවේ කොරල්පරවලින් සියයට 90ක් මියගිහින්

colombotoday

රටම බලාසිටි ඓතිහාසික තීන්දුව අද හවස 4ට

colombotoday