Colombo Today Local Newsජනාධිපතිවරණය

සිවාජිලිංගම්ගෙන් මහ ජාතියට අභියෝග.

දෙමල ජනතාවගෙන් ඡන්දය ඉල්ලන්න ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනාටම අයිතියක් නැතැයි 2019 ජනාධිපතිවරණය සඳහා ස්වාධීනව ඉදිරිපත්වී ඇති හිටපු දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ සිවාජිලිංගම් අද (2) මඩකලපුවේදී මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කර සිටිනවා.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ යුද්ධය අවසන් කිරීමේදී ද්‍රවිඩ ජාතිකයන් විශාල ප්‍රමාණයක් මරා දැමු බවත් අපේක්ෂක සජිත් ප්‍රේමදාස ළඟ යුද්ධය අවසන් කලේ තමන් බවට හඳුන්වා ගන්නා සරත් ෆොන්සේකා සටින බවත් රට පුරා භිෂණය ඇතිකළ ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක සිටින බවත් මොවුන් කිසිවෙකුටවත් දෙමල ජනතාවගෙන් චන්දය ඉල්ලීමට අයිතියක් නැතිබවත් සිවජලිංගම් පැවසීය.

මේ අපේක්ෂකයන් තිදෙනාගෙන් කවුරුන් හෝ දෙමල ජනතාවගෙන් ඡන්දය ඉල්ලීමට අයිතියක් තබෙන බව පවසන්නේනම් ඔවුන් සමග විවාදයකට තමන් සුදානම් බවත් තනි තනිවම හෝ වෙන් වෙන්ව විවධයකට අභියෝග කරන බවත් එම් කේ සිවාජිලිංගම් අවධාරණය කර සිටියි.

සර්වනන් – මඩකලපුව වාර්තාකරු

Related posts

“රාජපක්‍ෂ දළදා මාළිගාව බෝම්බ ගහනවා කීවා.. මල්වතු පාර්ශවය දෙකඩ කරන්න හැදුවා“ – අගමැති

colombotoday

නොවැම්බරයේදී නව ව්‍යවස්ථාව ගේනවා.. සියළු ජාතීන්ගේ අයිතීන් තහවුරු කරනවා

colombotoday

අදත් පාර්ලිමේන්තුවේ ගිනි ඇවිළෙන ලකුණු… ආරක්ෂාව තරකරයි… අතිරෙක බලඇණි කැදවයි….

colombotoday

තාවකාලිකව නැවැත්වූ කටාර් සිට පැමිණීමට තිබූ ගුවන් යානය 280 ක් රැගෙන හෙට දිවයිනට

colombotoday

සතොස ආනයනය කරන සහල් තොග අස්සේ සගවා කොකේන්-කුඩු තොග පිටින් ගෙන්වයි !

colombotoday

නිවසක ගින්නකින් 5ක් මරුට.. දරුවන් දෙදෙනෙකු ත් ඒ අතර

colombotoday