Colombo Today Local News

තාවකාලිකව නැවැත්වූ කටාර් සිට පැමිණීමට තිබූ ගුවන් යානය 280 ක් රැගෙන හෙට දිවයිනට

කටාර් රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකිකයින් 280 දෙනෙකු හෙට ( 27) අලුයම දිවයිනට පැමිණෙන බව කටාර් හී වැඩබලන ශ්‍රී ලංකා තානාපති කෝහුල රංගන් මහතා පැවසූ බව ලංකාදීප පුවත්පත වාර්තා කර සිටියි.

එම පිරිස අද (26 වැනිදා) රාත්‍රී දෝහා ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් පිටත්වන අතර එම යානය හෙට අලුයම 5.45ට පමණ කටුනායක ගුවන්තොටුපළට ලඟා වනු ඇතැයි වැඩබලන ශ්‍රී ලංකා තානාපතිවරයා පැවසීය .

මෙලෙස දිවයිනට පැමිණෙන ලාංකිකයින් අතර කටාර් රාජ්‍ය විවිධ රැකියාවන්හි නියුතුව සේවා කාලය අවසන්ව සිටින පිරිස් , කොරෝනා වසංගත තත්ත්වය නිසා රැකියා අහිමි වුවන් , ඔවුන් ගෙන් යැපෙන්නන් සහ ගර්භනී මව්වරුන් කිහිප දෙනෙකුද සිටින බව වැඩබලන තානාපති කෝහුල රංගන් මහතා වැඩිදුරටත් ලංකාදීපයට පැවසීය.

මෙම පිරිස පෙරේදා (25) කටාර් සිට ශ්‍රී ලංකන් ගුවන් යානයකින් මෙරටට පැමිණීමට නියමිතව තිබුණද හදිසි තත්ත්වයක් මත එම ගුවන් ගමන තාවකාලිකව අවලංගු වූ බවත් , ඒ හේතුවෙන් අතරමං වූ එම පිරිසට විදේශ සබදතා අමාත්‍යාංශය ලේකම්වරයා ගේ උපදෙස් මත අවශ්‍ය නවාතැන් පහසුකම් සැලසීමට කටාර් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කළ බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

කටාරයේ වෙසෙන ලාංකිකයින් 1051 කට කොරෝනා ආසාදනය වී ඇතැයි සදහන් කරමින් පළ වන වාර්තා වල සත්‍යතාවය තම ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නොදන්නා බවයි.

කෙසේ වෙතත් ලාංකිකයින් කොපමණ සංඛ්‍යාවකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇත් දැයි යන්න දැන ගැනීමට තමන් කටාර් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තොරතුරු ලබා ගැනීමට කටයුතු කරන බවද වැඩබලන ශ්‍රී ලංකා තානාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

එරට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිල වාර්තාවක් ලැබු⁣නහොත් , කොරෝනා ආසාදනය වූ ලාංකිකයින් සංඛ්‍යාව දැන ගැනීමට හැකි බවද හෙතෙම කීය.

කෙසේවෙතත් කොරෝනා ආසාදනය වන එරට සිටින සෑම ශ්‍රී ලාංකිකයෙකුටම නොමිලේ ⁣රෝහල් වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට කටාර් රජය හැමවිටම කටයුතු කරන බවද වැඩබලන තානාපති කෝහුල රංගන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

එසේම කටාරයේ කොරෝනා වසංගත තත්ත්වය පැවතියද එම රෝගීන් සදහා අවශ්‍ය කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට එර⁣ට රජයේ බලධාරීන් ඉතා වගකීමෙන් කටයුතු කරන බවද වැඩබලන තානාපතිවරයා කියා සිටියේය.

Related posts

ෆොන්සේකාට තවත් තෑගි.. එජාප කැලණිය ආසන සංවිධායකකම බාර දෙයි

colombotoday

නැප්තා නැතිව කැලණිතිස්ස ඇනහිටී

Admin

පසුගිය අරගල සමයේදී සිදුවූ දෙස් විදෙස් ක්‍රමන්ත්‍රණ පිළිබඳ සොයාබැලිය යුතුයි – විමල් වීරවංශ

Admin

නතාශා – බෲනෝ 21තෙක් යළි රිමාන්ඩ්

Admin

අර්ජුන ඔබේසේකර අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ලෙස පත්කරයි

colombotoday

ගණ වනාන්තර මැද හොර රහසේ කෙරෙන දැව ජාවාරම් හා ගංගා ආශ්‍රිතව කෙරෙන වැලි ජාවාරම් සොයන්න ඩ්‍රෝනා යානා යොදවයි

colombotoday