Colombo Today Local NewsTop Stories

Video: කෙරවලපිටිය විදුලි බලාගාරය ඉදිකිරිම චීනයට දීමේ දුෂිත ගනුදෙනුව

අඩු මිලගණන් ඉදිරිපත් කල දේශීය සමාගම ඉවතට

රංජිත් විතානගේ

කෙරවලපිටිය විදුලි බලාගාරය ඉදිකිරිම සඳහා අඩු මිලගණන් ඉදිරිපත් කල දේශීය සමාගමට ලබා නොදී වැඩි මිල ගණන් ඉදිරිපත් කල චීන සමාගමකට ලබා දීමට විදුලි බල ඇමති ඉදිරිපත්කල කැබිනට් පත්‍රිකාවට විරුද්ධව පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සහ එක්සත් ජාතික නිදහස් පෙරමුණ ඊයේ (3) අදහස් ප්‍රකාශ කර සිටියා.

මෙරට විදුලි අර්බුදයට විසදුමක් ලෙස මෙගාවොට් 300 ක ධාරිතාවයකින් යුත් ද්‍රවවායු විදුලිබලාගාරයක් ඉදිකිරීම සදහා ටෙන්ඩර්පත් කැදවා තිබූ අතර එම ටෙන්ඩරය සදහා අඩුම මිලගණන් ඉදිරිපත් කර ඇති ශ්‍රී ලාංකික සමාගමක් වන “ලක්දනව්” සමාගම වෙත පිරිනැමීමට තාක්ෂණික කමිටුව විසින් නිර්දේශ ඉදිරිපත් කර තිබියදී විදුලි බල අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ හා විදුලි බල ඇමැතිවරයාගේ මැදිහත්වීමෙන් මෙම ටෙන්ඩරය චීන සමාගමක් වෙත පිරිනැමීමට සුදානම් වන බව පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කර සිටියා. අමාත්‍යංශ ලේකම්වරයා මුදල් ඇමති මංගල සමරවීර මහතා නොමග යවා ඇති බව ඔහුගේ ක්‍රියාකලාපයෙන් දැන් හැඟවෙන බවත් විතානගේ මහතා මෙහිදී සඳහන් කර සිටියා.

මෙම ටෙන්ඩරය සඳහා අඩුම මිල ගණන් ඉදිරිපත් කර ඇත්තේ, ලංකා විදුලිබල මණ්ඩලයට කොටස් හිමි සියයට සියයක්ම දේශීය සමාගමක් වන “ලක්දනවි” සමාගමයි. දෙවන අඩු මිල ගණන් ඉදිරිපත් කර තිබුනු GCL චීන සමාගම හා පළමු අඩුම මිල ගණන් ඉදිරිපත් කර තිබුනු සමාගම අතර විදුලි ඒකකයක මිලෙහි වෙනස ශත 99 කි. ඒ අනුව වසරකට විදුලි ඒකක මිලියන 2150 ක් ජනනය කරන මෙම විදුලි බලාගාරය GCL චීන සමාගමට ලබා දිම නිසා අමතරව ගෙවීමට සිදුවන මුදල රැපියල් මිලියන 2129 කි.වසර විස්සකදී රජය විසින් මෙම බලාගාරය සදහා අමතරව ගෙවන මුදල රැපියල් මිලියන 42570 කි.

ශ්‍රේෂ්ඨාධිකරණ නඩුව අවසන්වන තුරු ටෙන්ඩරය ලබා නොදිය යුතුයි

ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා

මෙම දුෂිත ගනුදෙනුව සම්බන්දයෙන් තම සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කල බවත් එය විභාගයට ගැනීමට තීරණය කිරීම මෙරට සමස්ත ජනතාව ලැබූ ජයග්‍රහණයක් බව පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ ජේෂ්ඨ උපදේශක ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා මෙහිදී සඳහන් කර සිටියා. ලහි ලහියේ ආණ්ඩුවත් මුදල් ඇමතිවරයාත් මෙම ටෙන්ඩරය චීන සමාගමට ලබා දීමට උත්සහ ගනිමින් සිටින බවත් “යහපාලනය” යනු නීතියේ බලය බැවින් කලබල නොවී මෙම නඩුව අවසන්වන තුරු ටෙන්ඩරය ලබා නොදිය යුතු බවත්, ලබා දීමට අවශ්‍යනම් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අනිවාර්ය බවත් ඒ මහතා අවධාරණය කර සිටියා.

 

ඇමති, නි. ඇමති, ලේකම් වැඩ කරන්නේ ඩිසල් මාෆියා කරුවන්ට අවශ්‍ය ආකාරයටයි

සුරේන් බටගොඩ ලේකම්වරයා මීට ඉහතදී ශ්‍රේෂ්ඨාධිකරණය මවිත කරවන ආකාරයෙන් හැසිරිනු අයුරුත් කැබිනට් මණ්ඩලය නොමග යවා ක්‍රියාකළ ආකාරයත් ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තින්දුවල සඳහන් වී ඇති බැවින් කෙරවලපිටිය ටෙන්ඩර් ගනුදෙනුව සම්බන්දයෙන් ඇතිවී ඇති ගැටලුව පිළිබඳව පුදුම විය යුතු නැති බව Colombo Today වෙත අදහස් දක්වමින් එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ලේකම් නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා සඳහන් කර සිටිනවා.

නීතීඥ මෛත්‍රී ගුණරත්න

සුරේන් බටගොඩ ලේකම්වරයා ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝනය කරමින් මෙම ටෙන්ඩරය නොකෙරෙන තත්වයට වැඩ කරන්නේ ඩීසල් මාෆියා කරුවන්ගේ උවමනාවට බව සඳහන් කර සිටි ගුණරත්න මහතා සුරේන් බටගොඩ ලේකම්වරයාට අවශ්‍ය මෙරටේ විදුලි අර්බුදයක් නිර්මාණය කර ඩිසල් බලාගාරවලින් විදුලිය ලබා ගැනීමේ තත්වයට රට පත් කිරීමට බව සඳහන් කර සිටියා. අමාත්‍යංශ ලේකම්, අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා මේ රටේ ජනතාව ප්‍රාණ ඇපයට ගනිමින් ජනතාව “කම්මුතු” කිරීමට උත්සහ ගනිමින් සිටින බවත්, මෙම මාෆියාව පිළිබඳව ඉදිරියේදී හෙළිකිරීමට පියවර ගන්නා බවත් මෛත්‍රී ගුණරත්න මහතා සඳහන් කර සිටියා.

Related posts

මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් අරලියගහ මන්දිරයට ගෙනල්ලා. – ප.ම පද්ම උදයශාන්ත

colombotoday

ගෝලීය ද්‍රවිඩ සංසදයේ තහනම ඉවතට, පූජක ලොක්කා ළගදීම ලංකාවට

colombotoday

පාස්කු ත්‍රස්තයන් සමග හකීම්ගේ සබඳතා තහවුරුයි..පොලිසිය අධිකරණයට දන්වයි

colombotoday

පාඩුයි කියා ලොතරැයි මණඩල දෙකත් විකුණන්න යයි !

colombotoday

“දෙමළ සිසුන්ට සිංහල පොලීසියේ අණ තේරිලා නෑ.. උතුරට දෙමළ පොලීසියක් දෙනු“ වික්‍රමබාහු

colombotoday

ගිලෙන නැවේ මීයෝ වගේ එකා දෙන්නා රනිල්ව දාලා යනවා… “බල සුභ නිමිති පෙරමග නැකතටත් වැඩි…” – මුසම්මිල්

colombotoday