Colombo Today Local News

“කංසා වගාවට ආයුර්වේද මණ්ඩලය හරහා තමා මේ ආයෝජකයින් කැඳවීම සිදුවන්නේ” – රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි

ඖෂධ නිෂ්පාදනය සඳහා කංසා වගාකිරීමට ආයෝජකයන් කැඳවීමට අදාළ නීතිමය බලය ලබා ගැනීමේ කැබිනට් පත්‍රිකාව අද (05) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

“මේ වනවිට 1971 ආයුර්වේද පනත සංශෝධනය කරලා, ඖෂධීය ශාක වගා කිරීම සඳහා අවශ්‍ය නෛතික බලය ලබාදීලා තියෙනවා. ඒවට අදාළ නෛතික තරයන් විශේෂයෙන් කංසා වගාවට අවශ්‍ය නෛතික තත්ත්වයන් සම්පාදනය කිරීම සඳහා අවශ්‍ය වන කෙටුම්පත ආයුර්වේද නීති සංග්‍රහය මඟින් අපි නීතිපතිතුමා වෙත ඉදිරිපත් කළා. ඔහුගෙන් ලැබුණු නෛතික සංග්‍රහයන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි. කැබිනට් මණ්ඩලය එය අනුමත කිරීමෙන් පසු අපිට පුළුවන් වෙනවා අපේ රටේ විදේශ විනිමය උද්පාන මාර්ගයක් ලෙස ගමන් කරන්න අවශ්‍ය ආයෝජන කැඳවීමට අවශ්‍ය කටයුතු සිදුකරන්න. ආයුර්වේද මණ්ඩලය හරහා තමා මේ ආයෝජකයින් කැඳවීම සිද්ධවෙන්නේ.” දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා මේ බව ප්‍රකාශ කර තිබුනි.

Related posts

කෙසෙල්වත්තේ පවාස් ඝාතනය කෙරේ | ඝාතකයින් තවමත් නිදැල්ලේ

colombotoday

විදේශ විනිමය සොයන්න ලංකාවේ කෙසෙල් ඩුබායි යවයි

Admin

11දා රට ඇරියා කියා කඩා බිඳගෙන කඩගානේ දුවන්න එපා. විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන ජනතාවගෙන් ඉල්ලයි

colombotoday

චැනල් 4 චෝදනා ගැන ගෝඨාභය පිළිතුරු දෙයි

Admin

දිවයින මාධ්‍යවේදීන්ට මහ දවාලේ පහර දුන් මේ යහපාලන චන්ඩියාව දන්නවා ද?

colombotoday

මන්ත්‍රීවරුන් 25කගෙන් ප්‍රකාශ ගන්න සී.සී.ඩීය මැතිසබයට

colombotoday