Colombo Today Local News

විදේශ විනිමය සොයන්න ලංකාවේ කෙසෙල් ඩුබායි යවයි

මෙරට ඇඹුල් කෙසෙල් අස්වැන්නෙන් කිලෝග්‍රෑම් දොළොස්දහස් පන්සීයක (12,500) තොගයක් පළමු වරට ඩුබායි වෙළෙඳපොළ වෙත ලබන 26 වැනිදා නිකුත් කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය (Agriculture Sector Modernization Project–ASMP) මගින් දිවයින පුරා පවත්වාගෙන යන කෘෂි ආදර්ශ උද්‍යාන (Agri – Demonstration Park) වැඩපිළිවෙළ යටතේ ක්‍රියාත්මක රාජංගණය ඇඹුල් කෙසෙල් උද්‍යානයේ කෙසෙල් තොගයක් මෙලෙස අපනයනය කෙරේ.

විදේශ විනිමය ඉපයීම ඉලක්ක කර ගනිමින් රාජංගණය ඇඹුල් කෙසෙල් ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර, ඒ යටතේ අක්කර 200ක ඇඹුල් කෙසෙල් වගාකර ඇත. කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය මගින් ඊට අවශ්‍ය මූල්‍ය ආධාර, නව තාක්ෂණික දැනුම, උපදෙස් හා පුහුණුව ගොවි ජනතාව වෙත ලබා දෙයි.

ලබන 26 වැනිදායින් පසුව සෑම සෙනසුරාදාවකම ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑම් 12,500 බැගින් ඩුබායි වෙළෙඳපොළට යැවීමට කටයුතු යොදා ඇතැයි කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ආචාර්ය රොහාන් විජේකෝන් පවසයි.

Related posts

ව්‍යාජ නෝට්ටු සමඟ විගණන නිලධාරියෙක් මාට්ටු

Admin

අරගල කලේ අයිස් ගසා මත්වුණු පිරිසක් – මිනුවන්ගොඩ රැස්වීමකදී අරගල කරුවන්ට දැඩි ප්‍රහාරයක්

Admin

නෝර්වේ මිතුරා දැන් උතුරේ.. විග්නේෂ්වරන්, සම්බන්ධන් සමග සංහිදියා සාකච්ඡා

colombotoday

රහස් පොලීසිය වැලිසර නාවික කදවුර පිරික්සයි!

colombotoday

මීතොටමුල්ලේ මියගිය අයෙකුට වන්දිය රුපියල් ලක්ෂයයි.. මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක්

colombotoday

ගෝඨා මෛත්‍රී හමුවක් අද රාත්‍රියේ

colombotoday