World

සිරදඬුවම් විඳිමින් සිටි හිටපු අගමැති රජිව් ගාන්ධිගේ ඝාතකයින් නිදහස් කරයි

ඉන්දියාවේ හිටපු අගමැති රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳිමින් සිටින නලිනි ශ්‍රීහරන් සහ ආර්.පී. රවිචන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් 6 දෙනා නිදහස් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) නියෝග කර තිබේ.

ඔවුන් නිදහස් කිරීමට තමිල්නාඩු රජය මීට පෙර ආණ්ඩුකාරවරයාට නිර්දේශ කර තිබූ බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔවුන්ව නිදහස් කිරීමට අදාළ නියෝග නිකුත් කරමින් සඳහන් කරනු ලැබූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

මීට පෙර නලිනි ශ්‍රීහරන් නියමිත කාලයට පෙර නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් විභාගයට ගැනීම අධිකරණය විසින් කල් තබනු ලැබ තිබිණි.

තමිල්නාඩු රජය මීට පෙර රජිව් ගාන්ධි ඝාතන නඩුවේ වැරදිකරුවන් වන ශ්‍රීහරන් සහ ආර්.පී. රවිචන්ද්‍රන් නිදහස් කිරීමට කැමැත්ත පළ කර ඇත්තේ, ඔවුන් නිදහස් කිරීම සඳහා වන උපදෙස් ලබා දීම ආණ්ඩුකාරවරයාට බැඳී ඇති බව පවසමිනි.

වෙන වෙන ම දිවුරුම් ප්‍රකාශ දෙකකින්, ප්‍රාන්ත රජය ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා ඇත්තේ, 2018 සැප්තැම්බර් 9 වන දින පැවති කැබිනට් රැස්වීමේදී, මෙම නඩුවේ වැරදිකරුවන් හත් දෙනෙකුගේ සමාව ඉල්ලීම් සලකා බැලූ බව ත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අනුව ඔවුන්ගේ ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවම් ඉවත් කිරීම සඳහා ආණ්ඩුකාරවරයාට නිර්දේශ කිරීමට තීරණය කළ බව ත් ය.

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් ශ්‍රීහරන්, රවිචන්ද්‍රන්, සාන්තන්, මුරුගන්, ඒ.ජී. පෙරරිවාලන්, රොබට් පායාස් සහ ජයකුමාර් යන අයට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ අතර ඔවුන් වසර 23කට අධික කාලයක් සිරගතව සිටි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 161 වගන්තිය යටතේ ශ්‍රීහරන් සහ රවිචන්ද්‍රන් ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නිසි බලධාරියා තමන් බව ත් 2018 වසරේ සැප්තැම්බර් 9 දිනැති ප්‍රාන්ත කැබිනට් මණ්ඩලයේ තීරණය අවසන් වන අතර එය කැබිනට් මණ්ඩලයේ ආධාර සහ උපදෙස් අනුව තමිල්නාඩු ආණ්ඩුකාරවරයාට ක්‍රියාත්මක කළ හැකි බව ත් තමිල්නාඩු ප්‍රාන්ත රජය ප්‍රකාශ කර තිබේ.

රජිව් ගාන්ධි 1991 වසරේ මැයි 21 වන දා රාත්‍රියේ තමිල්නාඩුවේ ශ්‍රීපෙරුම්බුදුර්හිදී මැතිවරණ රැලියකදී ධනු නමැති මරාගෙන මැරෙන බෝම්බකාරියක විසින් ඝාතනය කරන ලදී.

පසුව එම සිද්ධිය සම්බන්ධයෙන් 1999 වසරේ මැයි මස නියෝගයෙන් ශ්‍රේෂ්ඨාධිකරනය පෙරාරිවාලන්, මුරුගන්, සාන්තන් සහ ශ්‍රීහරන් යන වැරදිකරුවන් සිව්දෙනාට මරණ දඬුවම ලබා දීමට නියෝග කර තිබිණි.

කෙසේ වෙතත්, 2014 වසරේදී සාන්තන්ගේ සහ මුරුගන්ගේ පෙත්සම් තීරණය කිරීම ප්‍රමාද කිරීමේ පදනම මත පෙරාරිවාලන්ගේ මරණ දණ්ඩනය ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් බවට පත් කර තිබුණු අතර ශ්‍රීහරන්ගේ මරණීය දණ්ඩනය 2001 වසරේදී ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් දක්වා වෙනස් කර තිබුණේ ඇයට දියණියක සිටින බව සලකා ය.

Related posts

කොරෝනා ආසාදනය වී දින කිහිපයකින් හදවතට හා මොළයට පැතිරයාමේ අවධානමක්

colombotoday

අමෙරිකාව සමග යුද්ධයකට යන්න රුසියාව ඉරානයට සහාය පළ කරයි

colombotoday

අයි.එස්. ත්‍රස්ත නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මරු දකී..

Admin

ඊශ්‍රායල – හමාස් සටන් විරාම ගිවිසුම දින දෙකකින් දිගු වෙයි

Admin

ඉස්ලාමය “අර්බුදකාරී” ආගමක් – ප්‍රංශ ජනපති පවසයි. ලොව පුරා මුස්ලිම් රටවල් ප්‍රංශ භාණ්ඩ වර්ජනයක

colombotoday

ඉන්දීය ඛේදවාචකය නේපාලයටත් පැතිරෙයි

colombotoday