Colombo Today Local News

එතනෝල් ආනයන බද්ද යළි ඉහළට… රා ලීටරයක බද්ද රුපියල් 50යි

විෂබීජ නාශක දියර නිෂ්පාදනය සඳහා යොදා ගන්නා එතනෝල් ආනයන බද්ද යළි ඉහළ දැමීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

මෙමගින් රුපියල් බිලියන 1.6ක බදු ආදායමක් අපේක්ෂා කරන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

කොවිඩ් වසංගත සමයේ විශබීජ නාශක දියර විශාල වශයෙන් නිෂ්පාදනය කෙරුණු නිසා මෙම එතනෝල් බද්ද 2020 වසරේ අවස්ථා දෙකක දී පහත දැමූ බවත්, යළි එය සාමාන්‍ය මට්ටමට ගෙනඒම මෙහිදී සිදුවන බවත් ඇමතිවරයා කීවේය.

එමෙන්ම රා ලීටරයක් සඳහා අය කෙරුණු රුපියල් 25ක සුරා බද්ද රුපියල් 50 දක්වා යළි ඉහළ දැමීමට ද තීරණය කර ඇති බවත්, ඉකුත් ජනවාරි මාසයේ දී එය රුපියල් 25 දක්වා පහත දැමුව ද එම වාසිය පාරිභෝගිකයාට නොලැබීම හේතුවෙන් මෙම පියවර ගන්නා බවත් අමාත්‍යවරයා පවසයි.

Related posts

ලෝක බැංකුවේ විශේෂ දූත පිරිසක් එළඹෙන සතියේ මෙරටට

Admin

“රෝ” ඔත්තුකරුවා ගැන CIDය විමල් වීරවංසගෙන් ප්‍රශ්නකිරීමට යයි

colombotoday

අද එන්නත් ලබාදෙන ස්ථාන මෙන්න

colombotoday

ශ්‍රී ලංකාව අයි.එස්. මෙහෙයුම් ක්‍රියාත්මක රාජ්‍යයක් වෙයි.

colombotoday

නව විදුලි සැපයුම් ලබාදීම නවතී

colombotoday

කරුණා මරා දැමීමේ තැතක් නූලෙන් වැළකේ.. හිටපු කොටි ප්‍රබලයා බඩුත් එක්කම මාට්ටු !

colombotoday