Colombo Today Local News

දිවයින මාධ්‍යවේදීන්ට මහ දවාලේ පහර දුන් මේ යහපාලන චන්ඩියාව දන්නවා ද?

“අඩෝ උඹ දන්නවද ඩෝ මම කවුද කියලා.. දැනගනින් පරයා..” යෑයි ගුගුරමින් සුඛෝපභෝගී ජීප් රථයක පැමිණි පුද්ගලයකු ඊයේ (5 වැනිදා) දහවල් “දිවයින” මාධ්‍යවේදියකුට බැණවැදී ඔහු ගමන් කරමින් සිටි කාර්යාල රථයේ රියෑදුරාට කොළඹ බෞද්ධාලෝක මාවතේ විඡේරාම හන්දිය අසලදී පහර දෙනු ලැබීය.

ඒ කුරුඳුවත්ත පොලිසියේ පොලිස්‌ නිලධාරියකුගේ අවවාදද තුට්‌ටුවකට මායිම් නොකරමිනි. සිද්ධිය වන අවස්‌ථාවේ “දිවයින” මාධ්‍යවේදියා සිටියේ කිරුළපන පැවැති බොදුබල සේනා සංවිධානයේ මාධ්‍ය හමුවක්‌ ආවරණයට කාර්යාලීය රථයකින් ගමන් කරමිනි. “දිවයින” රථය බොරැල්ල කනත්ත හන්දියේ බෞද්ධාලෝක මාවත ඔස්‌සේ ටොරින්ටන් දෙසට යැම සඳහා ගමන් කරමින් තිබිණ.

මේ අතරේ ඉදිරියෙන් පැමීණි සුඛෝපභෝගී ජීප් රථයක්‌ මාධ්‍යවේදියා ගමන් කළ රථය පිළිබඳ කිසිදු තැකීමක්‌ නොකර එක්‌වරම විඡේරාම හන්දියෙන් හැරවීමට සුදානම් විය.

නමුත් ඒ මොහොතේ “දිවයින” රියෑදුරුට ඊට ඉඩදීම සඳහා මාර්ගයේ ඉඩ නොතිබීමෙන් හේ රථය ඉදිරියට ධාවනය කළේය. ඒ සමගම ඉන් ප්‍රකෝපයට පත් සුඛෝපභෝගි රථයේ පැමිණි අය ඉහත සඳහන් පදිරි පාදඩයකු සේ දිවයින රියෑදුරුට සහ මාධ්‍යවේදියාට බැණ වදිමින් සිය ජීප් රථයද පාර මැද නතර කර එයින් බැස පැමිණ පහර දීමට සූදානම් වී ඇත.

මේ අවස්‌ථාවේ කුරුඳුවත්ත පොලිසියේ රථවාහන පොලිස්‌ නිලධාරියකු පැමිණ ජීප් රථයේ පැමිණි අයට අවවාද කර පිටයත් වන ලෙස පවසා යළි ආපසු හැරීයත්ම සුඛෝපභෝගී රථයේ පැමිණි චණ්‌ඩියා “දිවයින” රියෑදුරුට වැරෙන් පහර කිහිපයක්‌ එල්ල කර යළි දිවයමින් ජීප් රථයේ නැගී පලා ගොස්‌ ඇත.

එම ජීප් රථයේ අංකය කේ. ඡේ. 6245 ලෙස අංක තහඩුවේ සටහන්ව තිබිණ. පසුව අප කළ සොයා බැලීමේදී එම රථය කලින් පැවති ආර්ථික සංවර්ධන අමාත්‍යංශය යටතේ ලියාපදිංචි කෙරුණක්‌ බවද දැනගැනීමට හැකි විය.

ඒ අනුව පැහැදිලි කරුණු වන්නේ දැන් මෙය යහපාලන රජයේ වාහනයක්‌ බවය. එසේ නම් රජයේ බලධරයනි. මේ චණ්‌ඩියා කවරෙක්‌ද? ඔහුව හඳුනා ගැනීමට පහසුව පිණිස අපි ඒ පාදඩ මැරයාගේ ඡායාරූපයක්‌ද මෙහි පළ කරන්නෙමු. මේ මැරයා ඊයේ යහපාලනය බෞද්ධාලෝක මාවත දිගේ දෝරේ ගලා යෑව්වේය.

මේ පුද්ගලයා කවුද? කවුරුන් හෝ දේශපාලනඥයකුගේ බත් බැලයෙක්‌ද? එසේ නැතිනම් ඇඟපුරා මොලේ ඇති නහර වැඩි වූ දේශපාලන පුත්‍රයෙක්‌ද? සිද්ධිය සම්බන්ධයෙන් දිවයින මාධ්‍යවේදියා සහ රියෑදුරු ඊයේ කුරුඳුවත්ත පොලිසියට ගොස්‌ මේ පිළිබඳ පැමිණිල්ලක්‌ද සිදු කරනු ලැබූහ. ඉතින් අපි බලා සිටිමු.

සමන් ගමගේ – දිවයින

Related posts

වත්මන් රජය යටතේ තමන් ඇසූ, දුටු අමිහිරිම පුවත් ගැන සෙන්පති කමල් ගුණරත්න හෙළිකරයි

colombotoday

පාස්කු ප‍්‍රහාරයට වගකිව යුත්තේ පොලීසියයි – හිටපු ජාතික බුද්ධි ප‍්‍රධානියා පාස්කු කොමිසමේදී කියයි

colombotoday

සහරාන් හෂීම් යටතේ අන්තවාදී පන්ති සංවිධානය කල මොහොමුදු විසීර් අත්අඩංගුවට

colombotoday

කෙහෙළියට නිවසින් ආහාර ගැනීමට අවසර

Admin

ඥානසාර හිමිට එරෙහි අභියාචනාධිකරණ නඩුව කල් යයි. එක්නැලිගොඩ නඩුවට අදත් උසාවියේ

colombotoday

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 10ක මිල තවත් අඩු කරයි

Admin