Colombo Today Local Newsextremism & terrorism activities

ජමාතේ ඉස්ලාම් බලකොටුව මාවනැල්ලේන් මතුවන්නේ අන්තවාදී ක්‍රියාවක පෙරනිමිති ද?

මාවනැල්ල කේන්ද්‍රකොටගෙන මෑත කාලයේ සිදුවීම් කිහිපයක් වාර්තා වී ඇත. ගල් කොරියක් සඳහා ගෙනා පුපුරණ ද්‍රව්‍ය අතුරුදහන් වීම, බුදු පිළිම සහිත කුටි දෙකකට පහර දීම තවත් බුදු කුටියක් කඩා පිං කැටය පැහැරගෙන යාම ඒ අතරින් වාර්තා වුනු ප්‍රධාන සිද්ධීන් වේ.

පාස්කු ප්‍රහාරයට පෙරද මෙවැනිම ආකාරයෙන් මාවනැල්ල ප්‍රදේශයේ බුද්ධ ප්‍රතිමා ඉලක්ක කර ප්‍රහාර එල්ල විය. ඊයේ (29) අලුයම වීදුරුවකට අලාභහානි කර තිබූ එක් බුදු කුටියක් ද මීට ඉහතදී ප්‍රහාරයකට ලක්ව තිබීම විශේෂිතය.

බොහෝ මුස්ලිම් ජාතිකයන් මාවනැල්ල හඳුන්වන්නේ ජමාතේ ඉස්ලාම් (Jamaat-e-Islam) බලකොටුව ලෙසය. ජමාතේ ඉස්ලාම් සංවිධානයේ ප්‍රභලතම පුද්ගලයා නමින් හජ්ජුල් අක්බර් ය. ඔහු අවුරුදු 25 ක් ජමාතේ ඉස්ලාමී නායකවරයාව සිටි පුද්ගලයායි. සහරාන්ට පෙර ඉස්ලාම් අන්තවාදී ප්‍රහාර ආරම්භ කලේ ජමාතේ ඉස්ලාම් අනුගාමිකයින්ය. ඒ මාවනැල්ල බුදු පිළිමවලට එල්ල කල ප්‍රහාරයෙන්ය.

මාවනැල්ල බුදු පිළිම පාස්කු ප්‍රහාරයට පෙර කඩා විනාශ කරන ලද්දේ හජ්ජුල් අක්බර්ගේ සහෝදරයා වන ඊබ්‍රහීම් මවුලවිගේ පුතුන් දෙපල විසිනි. පුතුන් දෙදෙනා ජමාතේ ඉස්ලාමේ ශිෂ්‍යය සංවිධානයේ ප්‍රබල ක්‍රියාකාරිකයන් වේ. එමෙන්ම දෙහිවල ට්‍රොපිකල් ඉන් හෝටලයේ මරාගෙන මැරෙන බොම්බකරුත් මෙම සංවිධානයේ ක්‍රියාකාරිකයෙකුව සිටි අයෙකු වේ. මොවුන් අවසානයේ JMI එනම් ජමාත් මිල්ලතු ඊබ්‍රාහිමියා ලෙස ත්‍රස්ථ සංවිධානයක් වශයෙන් පාස්කු ප්‍රහාරයේ දී ඉස්මතු විය.

පාස්කු ප්‍රහාරයෙන් පසුව අත්අඩංගුවට ගත හජ්ජුල් අක්බාර් ඊට මාස කිහිපයකට පසු නඩු නොමැතිවම නිදහස් විය. ජමාතේ ඉස්ලාම් අලගිය මුලගිය තැන් පිළිබඳව අප වෙබ් අඩවිය මීට ඉහතදී “තවමත් ලංකාවේ තහනම් නොවුණු ජමාතේ ඉස්ලාම් අන්තවාදී සංවිධානය” මැයෙන් ගවේෂණාත්මක හෙළිදරවුවක් සිදුකරන ලදි.

ආරක්ෂක අංශ මෙම ප්‍රදේශය පිළිබඳව සුපරික්ෂාකාරී විය යුතුය. මන්ද යත් ජමාතේ ඉස්ලාම් මතවාදයේ ඇති දරුණු බවයි. එය තේරුම් ගත් ඉන්දියාව සහ බංගලාදේශය මෙම සංවිධානය තහනම් කර ඇත. බංගලාදේශ් ජමාතේ ඉස්ලාම් නායකයා 2016 මැයි 11 දින ඩකා බන්ධනාගාරයේදී එල්ලා මරා දමන ලදි.

Related posts

ඉන්දියාවෙන් ගෙන ආ රුපියල් කෝටියක කේරළ ගංජා තොගයක්

colombotoday

මාස 6ක් අත්‍යවශ්‍ය භාණ්ඩ 15කට ස්ථාවර මිලක්

colombotoday

දිලාන් පෙරේරා රාජපක්ෂලාට හෙණ ඉල්ලයි!

colombotoday

ඇප ගෙවන්න සල්ලි නැතිව යළි සිරගතවූ දේශයට නිදහස් දුන් ඔවුන්ගේ නිදහස වෙනුවෙන් අද අපේ යුතුකම කරමු !

colombotoday

“රණවිරුවන් 6500කගේ පවුල්වල වගකීම රාජිත බාරගත යුතුයි…” – ඇවන්ගාඩ් සභාපති

colombotoday

වැලිකඩ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක් ගැටෙයි.. නියාමකයෙක් රෝහලේ

colombotoday