Colombo Today Local NewsTop Stories

අකාර්යක්ෂම නගර සභාව ව්‍යාපාරිකයන් රකිද්දි කුණු ගඳ ගහන මහනුවර ඇල මාර්ග

මහනුවර මහනගර සභාවේ අවිදිමත් හා අකාර්යක්ෂම පාලනය හේතුවෙන් නගරය “කුණු ගොඩක්” බවට පත්වී තිබෙන බවට නගරවාසීන් චෝදනා කර සිටිනවා. මේ සඳහා කදිම උදාහරණයක් “ලේඩි මැකලම් පාර” ආසන්නයෙන් ගලා බසින් ඇල මාර්ගය පෙන්වා දිය හැකියි. කිලිකසල පිරුණු ඇල මාර්ගය වසර ගණනාවකින් පවිත්‍ර කිරීමට නගර සභාව කටයුතු කර නොමැත.

මේ පිළිබඳව මහනුවර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් චන්දන තෙන්නකෝන් දැනුවත් කිරීමට අවස්ථා ගණනාවකදී කටයුතු කලත් ඔහු ඒ පිළිබඳව සැලකිල්ලක් නොදක්වන බවට ප්‍රදේශවාසීන් සඳහන් කර සිටින අතර ඔහුගේ මෙම හැසිරීම පිළිබඳව පරපතල සැකයක් නගරවාසීන් තුල ඇතිවී ඇත.

වැලි ගොඩ දමන්නන්ගේ තෝතැන්නක් වී ඇති මෙම ස්ථානය මෙසේ අපවිත්‍රව පවතින්නෙ නාගරික කොමසාරිස්වරයා විසින් නීතිය නවා හෝටල් හිමියන් ආරක්ෂා කිරීම නිසා බවයි ප්‍රදේශයේ ජනතාව අප සමග සනදහන් කර සිටියේ.

මහනුවර පරිසරය හා හරිත නගරයක් පිළිබඳව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මාධ්‍යයට ප්‍රකාශ සිදු කර ඇති බවත් මෙවැනි නිලධාරීන් සහ රාජ්‍ය ආයතන සමගින් එවැන්නක් සිදුකරන්නේ කෙසේදැයි යන ගැටලුව ප්‍රදේශයේ ජනතාව තුල පවතින බවත් සඳහන් කර සිටි නගරවැසියෙක් ඉදිරියේදී ජනාධිපතිවරයාට සහ ආණ්ඩුකාරවරයාට මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් සඳහන් කර සිටියා.

Related posts

“1948න් පසු ජාතිය අවදානම් මොහොතක” ජිනීවා අනතුර ගැන හිටපු ජනපති කල සම්පූර්ණ කතාව – Video

colombotoday

අධිකරණ අමාත්‍යාංශයේ මහජන දිනය On Line ක්‍රමයට

colombotoday

අජිත් ප්‍රසන්න ට ඇප. | මින්මතු සාක්ෂිරුවන්ට බලපෑම් වෙන ප්‍රකාශ නිකුත් නොකරන බවට ප්‍රතිඥාවකුත් දෙයි.

colombotoday

ඈවරයි ! දෑවරයි !! ජෝන් ද සිල්වා රගහලත් විකුණන්න යයි… යහපාලන කලාකරුවෝ වැළපෙයි !

colombotoday

නැගෙනහිර වහාබ්වාදී වෙනම රාජ්‍යයක් !

colombotoday

ජීවිකාව පිණිස ගණිකා වෘත්තියේ යෙදීම වරදක් නොවේ – අධිකරණ නියෝගයෙන් චූදිත කත නිදහස් !

colombotoday