Colombo Today Local News

අධිකරණ අමාත්‍යාංශයේ මහජන දිනය On Line ක්‍රමයට

කොවිඩ් 19 වෛරස තත්වය හේතුවෙන් මහ ජනතාවට අධිකරණ අමාත්‍යාංශයට පැමිණිමට ඇති අපහසුතාවය පිළිබදව සළකා බලා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් සදුදා දිනයේ පැවැත්වෙන මහජන දිනය On Line ක්‍රමයට පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මෙහි සදහන් සබැදිය (LINK) https://bit.ly/3lIBFgq වෙත පිවිස ලියා පදිංචි වී පවතින ගැටලු ඉදිරිපත් කළ යුතුය.

අධිකරණ අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.MOJ.GOV.Lk වෙත පිවිසීමෙන් ද අදාළ සබැදිය වෙත පිවිසීමේ හැකියාව තිබේ.

සදුදා දිනයේ පැවැත්වෙන මහජන දිනයට අදාළව අමාත්‍යතුමාට ඉදිරිපත් කිරීමට ඇති ගැටලු ඉරිදා දින පස්වරු 6 වන විට ඉදිරිපත් කළ යුතු බව අමාත්‍යාංශය දන්වා සිටියි.

Related posts

ලංගම බස් රථයක ගමන්කර කොවිඩ් ආසාදනය වුනොත් වන්දි

colombotoday

වප් පොහොය අදයි, මේ කඨින චීවර මාසයයි.

colombotoday

ජූලි මාසේ විදුලි බිල වෙනස් වෙයි

Admin

සෙනසුරු මාරුවෙයි.. ජනපතිගේ මාරක අනාවැකියත් මාරු වෙයි !

colombotoday

පාපැදියක ගැටී පුද්ගලයෙක් මරුට – පාපැදිකරු පළා ගිහින්

Admin

එජාපයේ සියලූ තනතුරු වෙනස්වෙයි. නව නායක රුවන්. උත්තරීතර නායක රනිල්.

colombotoday