Colombo Today Local News

ස්වර්ණවාහිනී ගැටලුව ඇමති රවී කරුණානායක මැදිහත්වී විසඳයි

ස්වර්ණවාහිනී සේවකයින් 15 දෙනෙකු සේවයෙන් ඉවත් කිරීමත් සමග ඇතිවී තිබූ නොසන්සුන්තාවය මේ වන විට සමතයකට පත් කර තිබෙනවා.

අද(20) සවස උද්ඝෝෂණයේ නියෙලි සිටි සේවකයින් හමුවීමට EAP පරිශ්‍රය වෙත අමාත්‍ය රවී කරුණානායක පැමිණ ඇති අතර ආයතනයේ සේවකයින් වෙනුවෙන් ස්වර්ණවාහිනී බලධාරීන් සමග සාකච්චා කර ප්‍රධාන විධායක නිලධාරී මහේන් පෙරේරා එම තනතුරෙන් ඉවත් කර සේවකයින්ගේ වැටුප් පිළිබඳව තිබූ ගැටළු සමතයකට පත් කිරීමට කටයුතු කර ඇත.

ඒ අනුව ස්වර්ණවාහිනී නාලිකාව තුල ඇතිවී තිබූ නොසන්සුන්කාරී වාතාවරණය මේ වනවිට සමතයකට පත් කර ඇති අතර හැකි ඉක්මනින් සජීවී වැඩසටහන් යලි ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සේවකයින් විසින් සිදු කෙරෙමින් පවතින බව වාර්තා වේ.

Related posts

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ධුරයට ලංකා ජයරත්න. රංග දිසානායක කොටුවට මාරු කෙරේ

colombotoday

රවී නිර්දෝශියි. විජ්ජා නොපෙන්වා සැබෑ හොරු අල්ලනු – උලපනේ සුමංගල හිමි

colombotoday

නව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න

colombotoday

ජමියතුල් උලමා අගමැති හමුවෙයි…

colombotoday

“ආණ්ඩුවට අවුරුද්දයි බොරු පොරොන්දු කප්පරයි” අඛණ්ඩ විරෝධයකට උපාධිධාරීන් සැරසෙයි

colombotoday

අතින් ‘කුඩු’ දමා පුද්ගලයන් උසාවි ගේන පොලිසියට වැඩ වරදී

colombotoday