Colombo Today Local News

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව ලෝක මානව හිමිකම් ආයතන අතුරින් “A” ශ්‍රේණියට

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව 2018 වසරේ ලෝක මානව හිමිකම් ආයතන අතුරින් “A” ශ්‍රේණියට උසස් කිරීම පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සුභාශිංසනය.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව ලෝකයේ මානව හිමිකම් කවුන්සිලයන් අතරින් “A” කාණ්ඩයට ශ්‍රේණි ගතවී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් කතානායක කරූ ජයසුරිය ප්‍රකාශ කර සිටින්නේ, මෙය අප රට ශිෂ්ඨ සම්පන්න ගෞරවණීය දේශයක් ලෙස ලෝකයා ඉදිරියේ ඔසවා තැබූ අවස්ථාවක් බවයි.

විශේෂයෙන්ම එය ශ්‍රී ලාංකිකයන් යුක්ති ගරුක, සමානාත්මතාවය සහිත නිදහස් සමාජයක පුරවැසියන් පිරිසක්ය යන්න රට තුලත්, ජාත්‍යන්තරය හමුවේත් තහවුරු වීමක් ලෙස ජයසුරිය මහතා හඳුන්වනවා.

“මෙය ජාතියක් ලෙස අප තැබූ විශිෂ්ඨ ඉදිරි පියවරකි.”

“මානව හිමිකම් ක්ෂ්‍රේත්‍රය තුල මෙම සම්භාවනීය තත්ත්වය අත්පත් කර ගැනීමට මානව හිමිකම් අංශ වලට අවහිරයකින් තොරව ක්‍රියාත්මක වීමට අවකාශ සැලසූ රජයටත්, ඒ උදෙසා සක්‍රීය කාර්‍යභාර්යක් ඉටුකල මානව හිමිකම් කොමිසන් සභාවටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා ලෙස මාගේ කෘතවේදීත්වය පිරිනමමි.”

“ඉදිරියේදී ද රටතුල මානව හිමිකම් ආරක්ෂා කිරිමේ බලවත්, ශක්තිමත්, ස්වාධින යාන්ත්‍රණයක් ලෙස මිනිස් නිදහස හා අයිතිවාසිකම් සුරකීමට ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසන් සභාවට ශක්තිය ධෛර්‍ය ප්‍රාර්ථනා කරන බවයි” කතානායකවරයා එම නිවේදනයෙන් සඳහන් කර සිටින්නේ.

Related posts

යාපනයේ පාසලක ක්‍රීඩා උළෙලක ඊළාම් සිතියමක්

colombotoday

උහන බණ්ඩාරදූව හරහා හමා ගිය දැඩි සුළඟකින් නිවාස 9කට හානි

colombotoday

රට රැක්ක සෙබල විරිය සාගතයෙන් රට මුදවන්න යොදවයි

colombotoday

රනිල්ට කළගුණ සලකන්න – නිමල් ලංසා ජනතාවගෙන් ඉල්ලයි

Admin

MCC ගිවිසුම අත්සන් කිරීම සජිත් ජනාධිපති වූ පසු !

colombotoday

තවත් ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් හුදකලා කෙරේ

colombotoday